Yeheli.lk යනු Dialog, කාන්තා පිහිට ආයතනය හා එක්ව පවත්වාගෙන යනු ලබන පරිශීලකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමේ සේවාවකි. මෙම සේවාව තුලින් පරිශීලකයන්ට විවිධ මාතෘකා ඔස්සේ නිර්නාමිකව ප්‍රශ්න ඇසීමේ හැකියාව ඇති අතර එම ප්‍රශ්න වලට අදාළ විශේෂඥ උපදෙස් Yeheli.lk ඇප් එක තුලින් හෝ ඊ මේල් හරහා ලබාගත හැක
Yeheli.lk පිටුපස සිටින්නේ ඔබ වෙනුවෙන්ම කැපවුනු විශේෂඥ පිරිසකි. ඔවුන් අතර සුදුසුකම්ලත් වෛද්‍යවරුන්, උපදේශකයන්, නීතිඥයන් ඇතුලු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් සිටිති.
Yeheli.lk ඇප් එක තුලින් ඔබට ඔබේ ප්‍රශ්න වලට ඉක්මන්, විශ්වාසනීය විශේෂඥ උපදෙස් ඔබේ ජංගම දුරකතනයට ලබාගත හැක. එමෙන්ම ඇප් එක හරහා හඬ පට ආකාරයෙන් ප්‍රශ්න යොමුකිරීම, ප්‍රශ්න වලට අදාළ පින්තුර යොමු කිරීම, තමන්ටම වෙන්වුණු Yeheli.lk ගිණුමක් පවත්වාගෙන යාම ඇතුළු විශේෂ පහසුකම් වලටද ප්‍රවේශය ලැබේ.
ඔබ භාවිත කරන්නේ Android දුරකතනයක්නම්, ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store) තුලින් ඔබට Yeheli.lk බාගත කරගත හැක.
ප්‍රශ්නයක් අසා එයට පිළිතුරක් ලබාගැනීම සඳහා ඔබට ඊ-මේල් ලිපිනයක් හා මුරපදයක් (password) තිබීම අවශ්‍යවේ. ප්‍රශ්න ඇසීමට Yeheli.lk වෙබ් අඩවියට පිවිස ඔබේ ප්රශ්නය අදාළ කොටුවේ ලියා "යවන්න" බොත්තම ඔබන්න. ඇප් එක හරහා ප්‍රශ්න ඇසීමට, ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store) තුලින් Yeheli.lk ඇප් එක බාගත කරගත යුතුවේ.
ඕනෑම ආකාරයක වෛද්‍ය, නෛතික, මනෝ-සමාජයීය, රුපලාවන්‍ය හෝ ජීවන රටා (lifestyle) ආශ්රිත ප්‍රශ්න ඔබට අප වෙත යොමුකළ හැකිය.
පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා අසන ප්‍රශ්න වලට, ඔබේ ප්රශ්නයේ ස්වභාවය හා සංකීර්ණභාවය අනුව පැය 2ක් පමණ කාලයක් ඇතුලත පිළිතුරු ලැබෙනු ඇත. ඔබ ප්රශ්නය ඇසුවේ ප.ව. 8.00 සිට පෙ.ව. 8.00 දක්වා කාලය තුල නම්, පැය 6ක් පමණ ඇතුලත පිළිතුරක් බලාපොරත්තු විය හැක.
නැත. ඔබේ ප්රශ්නය වචන ඕනෑම ගණනකින් විස්තර කල හැක
ඔව්. ඔබට ඔබේ ප්රශ්නය හඬ පටයක් ලෙසද එවිය හැක. ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store ) හරහා Yeheli.lk ඇප් එක බාගත කර කර, අසන්න බොත්තම ඔබා, එහි 'කියන්න' යන්න තෝරා රෙකෝඩරය ටැප් කිරීමෙන් ඔබට හඬ පටයක් පටිගත කරගත හැක
නැත. මෙය ඕනෑම දුරකථන සේවා ජාලයකට සම්බන්ධ කෙනෙකුට සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන සේවාවකි