Yeheli.lk ක්‍රියාත්මක වන්නේ කෙසේද?



Yeheli.lk ඇප් එක Google Play Store එකෙන් බාගත කරගත හැක. ඇප් එක හරහා ඔබ අසන ප්‍රශ්න වෛද්‍යවරයන්, නීතීඥයන් හා උපදේශකයන් වැනි විශේෂඥයින් විසින් සුපරීක්ෂාකාරීව විමසා බලා , ඔබටම ගැලපෙන පිළිතුරක් ලබාදෙනු ඇත. ඔබේ ප්‍රශ්න ටයිප් කර හෝ හඬ පටයක් ලෙස ඇතුලත් කල හැකි අතර, අවශ්‍යනම් පින්තූරද අමුණා යැවිය හැක. ඔබේ නිර්නාමික ප්‍රශ්න, ප්‍රශ්නයේ ස්වභාවය අනුව විශේෂ පරිඝනක වැඩසටහනක් මඟින් අදාළ විශේෂඥයන් වෙත යොමු කෙරේ. ඇතැම් අවස්ථාවලදී, මෙම විශේෂඥයින් විසින් ඔබව වෙනත් අදාල සම්පත් වෙත යොමු කරනු ඇත.
මෙම සේවාව ඔබට ශ්‍රේණිගත කල හැකි අතර, අපගේ විශේෂඥයන් ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය විගණනය කිරීමේ එක් මිනුම් දණ්ඩක් ලෙස ඔබේ ශ්‍රේණිගත කිරීම යොදාගැනේ.
ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි, උසස්ම තන්ත්වයේ සේවාවක් සැපයීම සඳහා අපි ඇපකැප වී සිටිමු.