ප්‍රශ්න තොරතුරු

man pregnant doctor eth mata thama aurudu 20 marry karala unata man thama usas adyapanaya hadaranawa ithin  api danma daruwek balaporoththu unema naha apita mekata karanna deyak nadda doctor danma daruwek gana hithanna amarui ane wisadumak dennako doctor..

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී දරුවකු පිලිසිදගනීම ගැනීම නිසාත් තවමත් ඔබ උසස් අධ්‍යාපනය හැදෑරීමත් හේතුවෙන් මෙම තත්වය පිළිබඳව මානසික පීඩනයෙන් පසුවන බව මට දැනෙනවා. බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී දරුවකු ලැබීමට යාම හේතුවෙන් සහ ඔබ දෙදෙනා තවමත් දෙමාපියන් වීමට සුදානම් නොමැති වීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි නමුත් මේ අවස්ථාවේදී, තත්වයට උචිත අයුරින් මුහුණ දීමට සහ තීරණ ගැනීමට ඔබ දෙදෙනාම සුදානම් විය යුතුය. මේ අවස්ථාවේදී අනපේක්ෂිත සිදුවීමක් වුවද සුභවාදීව බැලීම වඩාත් වැදගත් වේ. දරුවන් ලැබීම යනු වාසනාවන්ත තත්වයකි. සෑම කාන්තාවකටම දරුවන් ලැබීමේ හැකියාවක් නැත. නමුත් ඔබ දරුවකු ලැබීමේ භාග්‍ය හිමිකරගෙන ඇති නිසාවෙන් මෙය සතුටු විය යුතු අවස්ථාවකි. ඔබ දෙදෙනා විවාහ වී ඇති නිසා මේ පිළිබඳව කලබල විය යුතු නැත. නමුත් ඔබ මෙහි සඳහන් කර ඇති ආකාරයට ඔබ තවමත් උසස් අධ්‍යාපනය හැදෑරීම, දරුවකු ගැන සීතීමට මේ අවස්ථාවේදී බාධාවක් බාධාවක් වන බව ඔබ සිතයි. දරුවන් ලැබීමට සිටියදී අධ්‍යාපන කටයුතු සිදුකරන මව්වරුන් කොතෙකුත් සිටියි. මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ ඔබගේ සැමියාගේ සහ හැකිනම් දෙමාපියන්ගේ සහයෝගය වැඩි ලෙස ලබා ගැනීමයි. මේ දිනවල බොහෝ අධ්‍යාපන කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයට වීම හේතුවෙන් ඔබට අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට හැකිවීම නිසා ඔබේ ගර්භණිභාවය එයට බාධාවක් නොවිය හැකිය. මා දකින ආකාරයට ඔබ ඉතාමත් වාසනාවන්ත තරුණියක්. ඇතැම් පුද්ගලයන් අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු විවාහ වීමට හා දරුවෙකු හැදීමට බලාපොරොත්තු වේ. නමුත් එවිට ඔවුන්ගේ තරුණ වයස ගෙවී ගොස් තිබේ. නමුත් ඔබට මේ සියල්ලක්ම එකවර ලැබී තිබෙන නිසා මා ඔබ වාසනාවන්ත තරුණියක් ලෙස හඳුන්වමි. ඔබට වාසනාවන්ත දරුවෙකු ලැබීමට හා ඔබේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Mar 2021 Wed 10:24 AM