ප්‍රශ්න තොරතුරු

MN Yalu wela Inna kollata ammala kamati nh mokada eya mg nayooo eth Mt eyawa oni .MN Mona kiuwath ammala Mt meka wenna dennaaaa kiynawa .. Dan tika dawasak wenawa ehema kiyla eyala hithanne MN nawattala athi kiyala eth MN nawattala nh eka nisa Mt hithennema MN ammalata Boru karanawa. wage. kiyla Mt eyawa hambunath passe duka hithenawa MN ammalata waraddak karanne kiyla . eth Mt eya nathun innat bh ammalata kiyala hamba wennath bh mokada kawadawath Mt hamba wenna dennaaaa eyala anika mg 4n ekat gani Mt Kata karannath bari eya gdk dura inne Mt wadiya hmba wennat bh ewagema ammalata Mt muhuna dennath bh Mt terennaaaa MN mona karannada kiyla ammala kiynne MN eyth ekka giyot maruna kiyla hitha gnnawalu thawa kiynawa ehema karoth ubata kawadawath Hari ynna epa kiyla baninawa Mt bayai

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට දෙමාපියන් අකමැති වීම නිසා ඔබ කනස්සලෙන් සිටින බව පෙනෙනවා. ඔබ සඳහන් කර ඇත්තේ ඔබට සහ පෙම්වතාට වයස අවුරුදු 20ක් වන බවයි. මෙම වයසේදී ඔබ දෙදෙනා කළ යුත්තේ ඔබ දෙදෙනාගේම ඉදිරි ජීවිතය ස්ථාවර කරගැනීම සඳහා කටයුතු කිරීමයි. ඔබ කැමති ක්ෂේත්‍රයකින් අධ්‍යාපනය හදාරා රැකියාවක් සඳහා ප්‍රවිෂ්ට වීම පළමුවෙන්ම සිදු කළ යුත්තකි. එසේ ඔබ යම් ස්ථාවරයකට පැමිණියහොත් දෙමාපියන් වුවද ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට විරුද්ධ නොවෙනු ඇත. ඔබ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කොට තවම ගෙවී ඇත්තේ වසර 3ක් පමණක් වන නිසාත්, එය ආරම්භ කොට ඇත්තේ නව යොවුන් වියේදී වීම නිසාත් අනාගතයේ ඔබ දෙදෙනාටම ඔබ දෙදෙනාගේ නොගැලපීම් පෙනෙන්නට පුළුවන. එම නිසා දැන්ම ඔබ සම්බන්ධතාවයේ නිශ්චිතභාවය පිළිබඳව තීරණය කිරීමට නොයන්න. දෙමාපියන් මෙම සම්බන්ධතාවයට තරයේ අකමැති වීමට හේතු මොනවාද යන්න ඔබම සිතා බලන්න. දෙමාපියන් යනු දරුවන්ට වඩා අත්දැකීම් බහුල අය වන නිසා ඔවුන් එසේ අකමැති වීමට ඔබට නොපෙනෙන හේතුවක් තිබිය හැකිය. ඔබ හදිසි තීරණයක් ගෙන දෙමාපියන්ට නොදන්වා ඔහු සමඟ ගියහොත් ඔබට දෙමාපියන් අහිමි වේ. එමෙන්ම ඔහු යම් දවසක වෙනස් වුවහොත් අනාගතයේ ඔබ වෙනුවෙන් සිටින්නේ කවුද? එම නිසා ඉදිරි ජීවිතය පිළිබඳව හැඟීම් වලට වහල් නොවී තර්කානුකුලව හා බුද්ධිමත්ව සිතා බලා තීරණ ගත යුතුය. ඔබට තවම වයස අවුරුදු 20ක් වන නිසා තව දුරටත් ජිවිතයේ අත්දැකීම් වලින් පරිණත වූ පසුව මේ පිළිබඳව තීරණයක් ගැනීම වඩාත් සුදුසු වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Mar 2021 Thu 9:03 PM