ප්‍රශ්න තොරතුරු

මම ඉතා තදින් මානසිකව වැටී ඇති බව දැනේ. හුදකලා බව අනාගතය ගැන දැනෙන බිය රැකියවෙ අපෘප්තිය වයස 31ක් උවත් අවිවහක බව , වැනි බොහො දෙවල් නිසා ඉතාම තද කලකිරීමක් දැනේ. අමතර අද්‍යාපන කටයුතු පවා මග හරේ. නිතරම මම අවාසනවන්ත බව දැනෙ. මා කිසිවෙකුටත් වදනකින් හෝ වරදක් නොකරමි. නමුත් මගේ ජීවිතයේ මම කැමති වුනු සියල්ලම අහිමි විය. මම දැනට කරන රැකියාව යම් මට්ටමක හොද රැකියවක් උනත් මම එයට කැමති නැත. මගේ පියාගෙ බලවත් බල කිරීම මත මෙම රැකියවට අවෙමි. ඒ මීට වසර 10කට පමන පෙරය. මම කැම්පස් යන්න තේරුනද එයත් අතඇර රැකියවට ඒමට සිදු විය. මම මේ ගැන තාමත් දුක් වෙමි. මම වෙනත් දෙයක් ඉගෙන ගැනීමට අවස්තා කිහිපයක්ම උත්සහ කලද, රැකියවෙ ඇති කාර්‍යබහුල බව නිසා සියල්ල මගහැරුනි. මට දෙවරක්ම  විරහ වේදනව විදින්නට සිදු වූයේ මගේ කිසිම වරදක් නැතිවය. ඉන් එක් අයෙකුට මගෙ රැකියව ගැටලුවක් වූ බව මට තේරුනි. මට විවහයක් හරි නොයන්නේද මේ රැකියාව කරන අයට පිරිමි ලමුන් අකැමති බව නිසා බොහෝදෙන පවසති. මට මේ අහිමිවීම් හා කලකිරීම් නිසා ඇතම් විට මට මේ රැකියවට අකැමත්තෙන් එවීම පිලිබදව මගේ පියා ගැනද ද්වේශයක් ඇතිවේ. මට මේ තරම් ජීවිතය අවුල් සහගත වුනෙ ඇය්ද නොද්න්නෙමි. මට අයේ ජීවිතය හදාගන්න ඔනී. මට කාගේ හරි උදවු අවශ්‍ය බව දැනෙනවා. මට විටෙක සියදිවි නසාගැනීමට සිතුනත් මම කෙසේ හෝ මනස පාලනය කර ගත්තෙමි. ආගමික පසුබිම ඊට හේතු විය. නමුත් මට දැන් දැන් මගේ මනසේ පාලනය අහිමි වී යමින් පවතින බව දැනේ. මටම මා ගැන බියක් දැනේ. මා ජීවත් වන්නේද නිවසින් දුර බැහැර තනිවමයි. නිවසට යන්න බයයි මගේ වේදනව කේන්තියක් බවට පත්වෙලා දෙමාපියන් පිටින් යැවෙනවා. පසුව ලොකු පසුතැවීමක් එනවා ඒ ගැන. මට මේ තත්වයෙන් මිදෙන්න ඕනි. මට උදවු කරන්න.

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

හුදෙකලාබව, අනාගතය පිළිබඳව දැනෙන බිය, රැකියාවේ අතෘප්තිය හා අවිවාහක බව යන හේතු කාරණා හේතුවෙන් ඔබ දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව පෙනෙනවා. දැන් ඔබට වයස අවුරුදු 31ක් වන නිසාත්, තවමත් අවිවාහක වන නිසාත් අනාගතයේ ඔබ තනි වේ යැයි බියකින් පසු වේ. එමෙන්ම ඔබ පියාගේ කීම මත ඔබ දැනට නියුතු රැකියාව තෝරාගෙන ඇති නිසාත්, විශ්වවිද්‍යාල වරම් ලබා තිබියදී එය අතහැර එම රැකියාවට ප්‍රවිෂ්ට වීමත් නිසා ඇතිවන පසුතැවීම භේතුවෙන් ඔබට රැකියාවේ තෘප්තියක් නොදැනෙනවා වෙන්නට පුළුවන. ඉහත සඳහන් කරන ලද හේතු කාරණා හේතුවෙන් ඔබට මුහුණ දීමට සිදු වන ගැටළු හේතුවෙන් ඔබ අවාසනාවන්ත යැයි සිතුවිල්ලක් ඔබ තුළ ඇති වේ. ඔබේ රැකියාව හේතුවෙන් ඔබට තරුණයින් අකමැති වන බව ඔබ සඳහන් කොට තිබෙනවා. ඔබගේ රැකියා ක්ෂේත්‍රය කුමක්ද යන්න පිළිබඳව සඳහන් කොට එවන්න. ඇත්තටම ආදරය කරන, හොඳ අවබෝධයක් තිබෙන පුද්ගලයෙකු නම් ඔබගේ රැකියාව විවාහ ජිවිතයට බාධාවක් කර නොගනියි. ඔබ කැමත්තක් දක්වන්නේ නම් වැඩිහිටියන්ගේ මැදිහත්වීමෙන් විවාහ යෝජනා පිළිබඳව සිතා බැලිය හැකිය. වයස අවුරුදු 31 යනු විවාහ වීමට නොහැකි තරම් ගත වූ වයසක් නොවේ. විවාහයකදී දෙදෙනාම පරිණත වන තරමට දෙදෙනා අතර හොඳ අවබෝධයක් ගොඩනැගෙන නිසා විවාහ ජිවිතය සාර්ථක වීමේ හැකියාවක් පවතියි. ඔබට ඔබේ මනසේ පාලනය අහිමි වී ගෙන යන බවක් දැනෙන නිසාත්, වරින් වර සියදිවි නසාගැනීමේ සිතුවිලි පැමිණෙන නිසාත් ඔබ ඔබේ ගැටලුව සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට ළඟම ඇති රජයේ රෝහලේ "මිතුරු පියස" වෙත යොමුවන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Apr 2021 Thu 9:28 AM