ප්‍රශ්න තොරතුරු

Mage kathawa mita kalin katawathma kiyala ne.man pawle ekama daruwa. man punchi kale idanma ammai thaththai hamadama wage randu wenawa.thaththa godak bona kenek. salli nasthi karana kenek. e nisa gedara adupadu hariyata. amma mata godak adarei. man igena ganna godak unandui.5 sishyathwa vibageth pass una. digatama igena ganna wada hodin karagena giya. Mata awrudu 14 di witara mata wada awrudu 5k withara wadimal pirimi lamayek mage passen enna patan gatta.   e weddi eyat school yanawa. mata asawa tibune hodata igena gena engineer kenek wenna. e kena ape gewal asannema kenek. man hithuwe nati deyak una. mage amma mage igenim wada gana passenma hitiya. eth ara pirimi lamaya gana danagaththata passe eyat ekka yalu wenna kiyala amma mata bala kala. eth mata oni une igena ganna. antimata ammama paniwidayak yawwa man e kenata kamati kiyala. mata karaganna deyak nati una. paredi dakkama ehema e kenat  ekka katha karanna una. eth mage hithe e gana kamaththak tibune ne.man nitharama ammat ekka randu kala. oya athare man kohoma hari eyata kiwa man O/L exam eka iwara wenakal paduwe inna denna kiyala. man mahansi wela padam kala. eya e taram igena ganna unandu kemek newei. man igena gena thanakata yaddi api atara nogalapim ati wei kiyana eka mata hithuna. O/ L exam eka hariyata karala man ammagen illanna hitiye mata paduwe igena ganna denna kiyala.eth exam dawas weddi amma hodatama asanipa una. exam iwara una dawasata pahuwada eya hospital admit kala. man ara sambande nawattala e weddi awruddak witara ati.man hithuwa amma ekata mata aye bala karana ekak ne kiyala. eth asanipa tiyagenath amma mata randu kala ara sambande ayet patan ganna kiyala. eda ra eliwenakal api randu una.hospital nawaththala sathi dekakin withara amma nati una. eyata cancer ekak tibila. eya nati unata passe tamai eka dana gaththe. anthimata hospital ekata eyawa balanna giya dawaseth eya mata naraka wachana kiyala banna.ara gana mathak karala. man podi kale idan amma ekka hitiye yaluwk wage. kawadawath eyata boruwak kiyala ne.eya thaththa nisa godak duk vinda mawa hadanna. eya nati unata passe mata loku pasuthavimak awa mata eyawa sathutin tiyanna bari una man eyage illima itu kale ne kiyala. eth man school yana yana lamayek widiyata e dewal mata galapenne ne kiyalath mata hithuna. mata hamadama rata ammawa hinen penuna. eya mata ara sambandw patan gannakila bala karanawa thamai mata hamadama penune. eka mata loku manasika wadayak una. me wenakota man hitiye ammage sahodariyak laga. man ammage hitha ridduwa eya kiwa de ahuwe ne kiyala tamai hamoma hithuwe.O/L result awama mata 9 As tibba. mage illima karanna amma nane ithin. mage hitha kiwa magen ammata una warada nati karaganna nam man ara kenat ekka yalu wenna oni kiyala. man w kenata kamathi kiwa.man ehakota A/L karanawa. eth awankawama màta e sambande geniyanna uwamanawak tibbe ne. mata igenima epa una. thaththat wena kenek banda. man thani una. ara kena e athaee mata lan una. man a/l  karala campus yanawata eya akamathi una. mage hina nati una wage danuna. e kena mata godak adarei wage pennuwa. mawa sex walata namma gatta. mawa rooms walata ekka giya. mata igenima epa una . padam karanna bari una. eya e dewal kale man igena gaththoth eya dala yai kiyala mata theruna. mata upadesak ganna kawrut wadihitiyek hitiyeth ne. man palaweni para a/l liyanna bari una. e athare mata ikamanata badimu kiyala balapam kala.eyalage gedarin awlak tibbet ne. mage nadayot hitiye kohomada magen nidahas wenne kiyala.     wena karanna deyak nathi nisa math badinna kamathi una.eta passe api eyalage ammalat ekka padinchi una. man AL kaleth badala.aduma result ekak tibbe. mata e gana ada wenakalut godak dukai. mata hama welawema hithenawa eya mage gamana walakkuwa kiyala. mata aththatama adare kalanam mata ihalata yanna udaw karanawane kiyala.man kohoma hari exam karala rajaye lipikaru exam eka pass una. eya kisima deyak hariyata karanne. mata geyak tibuna. eyata business ekak karanna salli oni kiyala eka wikunala salli dunna. ewath okkoma nati una. man kiwa eya sthawara wenakal babala oni ne kiyala. eth babala hadanne kiyalath hamoma banne mata. eya porondu una prashna okkoma visadanawa api babek hadamu kiyala. dan babata awrudu 4i. tmat ehema thamai. man hamba karana ekath gannawa. man office yana nisa baba balana kenek tamai babawa baluwe. e nisa aye babala hadanne natuwa imu kiyala man kiwa. eth eya me sarwth mage wiswase bida. man epa kiyaddi eka dawasak mata balenma karadara kala. eyata eyawa sure kiwa. eth man ayeth prgnant una.  dan babata mada 6k.e nisath mata eyawa epa una.man dan thama office yanne. babala dennage wada man thaniyama karaganne. e welawatath mata godak kenthi yanawa eyath ekka. randu wennamai hithenne. mata dan awrudu 30k.marry karala awrudu 10k. meya mage jiwithwta awa nisa man me awrududu 10ma idala tiyenne tharahen duken. eya sara kenek newei. mata gedara wadata ehema godakudaw karanawa. man mona de kiwat kawadawath randuwata enne.  eth issara dewal mathak weddi mata elli elli randu wennamai hithenne. eya mawa badinna kalin ehe mehe ekka giya nisa mata sex kiyana de epa una.  eya e dewal walata awath mata taraha yanawa. podi baba labunata passe api athara ehema dewal welama ne. eya e dewal okkoma iwasnawa. man nitharama tharahen duken inne. kisima deyak hariyata karanna bari gathiyak danenawa.athitaya amathaka karanna uthsahakath eka karanna tama bari una.welawaka daruwanda dalayanna hitenawa.   eth mata me manasika thathwen midenna oni. e wagema athithe amathaka karala daruwo dennai mahaththayai ekka satutin inna oni. ekata man mokakda karanna oni? mata manasika ledakda tiyene? gedara arthike hadaganna kiyala mahaththayata kiyala therumak ne kiyala mata dan therenawa. mata paripalana sewa vibgayk liyanna puluwan tawa awrudu 3 kin. experience eken.ethakota e prashne wisdagaththa haki. me hama dekatama mata manasa hadaganna mokada karanna oni? 

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කුඩා කළ සිටම අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති බව පෙනෙනවා. ඔබට ඉගෙනීමට වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය වුවත් ඔබගේ මවගේ බලකිරීමට අනුව ඔබගේ පසුපසින් ආ තරුණයෙකු හා ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට සිදු වුණ නිසාත්, එම ප්‍රේම සම්බන්ධතාවය නවත්වා වසරකට පමණ පසු ඔබගේ මව දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මව නැවත වතාවක් ඔහු සමඟ සම්බන්ධතාවය ආරම්භ කරන ලෙස ඔබට බැන වැදීමත්, එයට සති 2කට පමණ පසුව මව මිය යාමත්, මව මිය ගිය පසු ඔබට ඇයගේ කැමැත්ත ඉටු කිරීමට නොහැකි වූවාය යන හැඟීම ඔබට ඇති වීමත්, ඉන්පසු නැවත වතාවක් මවගේ ඉල්ලීම හේතුවෙන් අකමැත්තෙන් වුව ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කිරීමත්, ඔහු ඔබව ලැගුම්හල් වලට කැඳවා ගෙන යාමත්, ඔහු ඔබගේ සිහින අවහිර කිරීමත්, ඉක්මනින් ඔහු සමඟ විවාහ වන ලෙස බල කර සිටීම නිසා ඔහු සමඟ විවාහ වීමත්, ඉක්මනින් දරුවෙකු හදන්නට යැයි පැවසීම නිසා දරුවෙකු හදාගැනීමට සිදු වීමත්, දෙවන වරටත් ඔබගේ අකමැත්තෙන් යුතුව ඔබ ගැබ් ගැනීමත්, ඔහු නිවසේ කිසිදු වියදමක් නොදැරිමත් යන හේතු කාරණා නිසා ඔබ දැඩි දුකකට වේදනාවකට පත් වී සිටින බව පෙනෙනවා.


ඔබට මේ අතීතය අමතක කොට සැමියා හා දරුවන් සමඟ හොඳ ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය බව ඔබ සඳහන් කොට තිබෙනවා. අතීතය යනු සිදු වී අවසන් දෙයකි. එය අපට කිසිලෙසකින්වත් වෙනස් කළ හැකි නොවේ. නමුත් අපගේ උත්සාහය ඇත්නම් එළඹීමට නියමිත අනාගතය වෙනස් කිරීමේ හැකියාව අපට තිබේ. ඔබ තවමත් එම අතීත මතක වලම සිටීම නිසා ඔබට නිතරම සැමියා සමඟ තරහ යන බව පෙනේ. අතීතයේ කුමක් සිදු වුවද, ඔබගේ අකමැත්තෙන් යුතුව එම විවාහය සිදු වුවද මේ වනවිට ඔබ ඔහු සමඟ වසර 10කට ආසන්න කාලයක් පවුල් ජිවිතයක් ගත කොට තිබේ. ඔහු සැර පරුෂ පුද්ගලයෙකු නොවන බවද නිවසේ කටයුතු වලට ඔබට උදවු කරන බවද ඔබ සඳහන් කොට තිබෙනවා. ඔහුගේ ඇති එකම අඩුපාඩුව ඔහු කිසිදු අදායම් ඉපයීම් මාර්ගයක නිරත නොවීම බව ඔබගේ කතාවට අනුව පෙනේ. ඔබ මේ පිළිබඳව ඔහු සමඟ කතා කොට ඔහුට නිවසේ සිට හෝ කළ හැකි ස්වයං රැකියාවක් ඔබගේද සහයෝගයෙන් යුතුව ආරම්භ කිරීමට උත්සහ ගැනීම සුදුසු වේ. ඔහුට තනිව ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වාගෙන යාමට අවබෝධයක් නොමැති නිසා ඔබත් ඔබගේ රැකියාව කරගෙන යන අතරතුර ඔහුගේ එම කාර්යයන් සොයා බලා ඉටු කල හොත් ඔබ දෙදෙනාට සාර්ථක විය හැකිය.


අතීතය ඔබට තවදුරත් හිතට වද දීම නැවැත්වීම සඳහා ඔබ අතීතයේ වූ දේවල් පිළිබඳව නොසිතා වර්තමානයේ ඔහු තුළ පවතින හොඳ ගතිගුණ ලැයිස්තුවක් හදාගන්න. එය නිතර නිතර කියවන්න. එමෙන්ම ඔබ ඔබගේ මවගේ අවසාන ඉල්ලීමද ඉටුකර තිබීම නිසා ඔබ දියණියක වශයෙන් ඇයට ඉටු කළ යුතු යුතුකම් වගකීම් ඉටු කළ බව සිතා සතුටු වන්න. ඔබම පවසා තිබෙනවා ඔබට තව වසර 3කින් පමණ පරිපාලන විභාගය ලිවිය හැකි බව. එවිට ඔබගේ ආර්ථිකය මෙයට වඩා ශක්තිමත් විය හැකිය. එම නිසා අතීතය පිළිබඳව සිතමින් වැළකී ඔබගේ අනාගත අපේක්ෂා ඉටු කරගැනීම සඳහා කටයුතු කරන්න.
ඔබට තවදුරටත් ඔබගේ අතීතය අමතක කොට අනාගතයට මුහුණ දීම සඳහා සවියක් අවශ්‍ය යැයි සිතෙන්නේ නම් මනෝ උපදේශනයට යොමු වීම ඵලදායි වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 May 2021 Tue 1:14 PM