ප්‍රශ්න තොරතුරු

mis.vivaha vechcha kenekta apasu vivaha venda puluvnda.vivaha venne nathiva lamayinta uppanyak liyanda puluvnda.mis mage pemvatha dakune mn uthure.mage disthrikaye vivaha venva nm monava vageda aran ya yuthu deval.hmm.nithyanukulava masa ganaka kansal vena rejist ekak nemeyi mata ona vela thiyenne sadakalikavama pavathina rejisar ekak.plz yeheli hellp.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

විවාහ වූ කෙනෙකුට නැවත විවාහ විය හැක්කේ සාමාන්‍ය නීතිය අනුව නීත්‍යානුකූල දික්කසාද වී ඇත්නම් පමණි . නමුත් චාරිත්‍රානුකූල නීතිය (customery law)අනුව  විවාහ වී ඇති අයට මේ තත්ත්වයේ වෙනස්කම් තිබිය හැක . උදාහරණ  ලෙස මුස්ලිම් නීතිය යටතේ පුරුෂයාට විවාහ විය හැකි වාර ගණන වෙනස් ය . 

ඔබට අවශ්‍ය කරන ලියකියවිලි තීරණය වන්නේ ඔබ කුමන නිතිය යටතේ විවාහ වන්නේ ද යන්න තීරණය මත ය .

සාමාන්‍ය නීතිය ( common law)යටතේ  නම් ඔබට ස්ථිරවම  විවාහ විය හැකිය . ඒ සඳහා ඔබ ගෙන යා යුත්තේ ඔබගේ උප්පැන්න සහතිකය හැඳුනුම්පත සහ සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවය පමණි.  ඔබ උතුරේ හෝ පෙම්වතා දකුණේ හෝ නිසා දෙදෙනාගෙන් එක් අයෙකුගේ පළාතේ  දි විවාහ   ලේකම් වරයෙකු හමුවී නම් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව විවාහ ගිවිස ගත හැක .  

දරුවකුටඋප්පැන්න සෑදීමේදී මවුපියන් විවාහක අවිවාහක  බව  අත්‍යවශ්‍ය සාධකයක් ලෙස නොසැලකේ.  ඕනෑම ඉපදෙන දරුවෙකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රජය බැඳී සිටී .  

මෙ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ඔබගේ පළාතේ විවාහ ලේකම් වරයෙකු හමුවී අවශ්‍ය ලියකියවිලි කුමක්දැයි දැනගන්න . 

විවාහයක්  ස්ථීර ව  පවතින්නේ නීත්‍යානුකූල ලියවිල්ලක් මත නොව දෙදෙනා අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව ශක්තිය මත බවද මතක තබා ගන්න .   එබැවින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට දෙදෙනාම උත්සහ කරන්න .

ඔබට ජය !!!!

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Aug 2019 Tue 3:01 PM

අදහස්