ප්‍රශ්න තොරතුරු

doctor  godak pin labadun upades walata mata thiyena thwath problem  akak  ayata daruwak hadaganna wena kalekata meme rogi thathwaya wadi weida thawada mema beheth dirga kalayak  bawithayen athuru prathipala nisa wenath rogi thathwayata muhuna dimata siduweda  meme  aushada bawithaya nisa  mata pilithuraka denne ko mema dipprashan  kiyana rogi thatjwaya nisa

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

යෙහෙලි වශයෙන් ඔබට උදව් කිරීමට අප ඕනෑම අවස්ථාවක සූදානම්ය . ඔබේ අගය කිරීමට ස්තුතියි .

මෙම රෝගී තත්ත්වය තත්ත්වය තිබෙන  අවස්ථාවක දරු ප්‍රසූතියක් සිදු වන්නේ නම් ඒ අය සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ . එ නම් පශ්චාත් ප්‍රසව සමයේ දී සමහර රෝග  තත්ත්වයන් උග්‍ර බවට හැරි  postpartum psychosis වැනි තත්ත්වයන්ට වර්ධනය වීමෙන් දරුවන් ප්‍රතික්ෂේප කිරීම , කිරි දීම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයන්ට පෙළඹිය හැක . එම නිසා ප්‍රසූතියකට සූදානම් වන අවස්ථාවේ දී විශේෂයෙන් නාරි හා ප්‍රසව වෛද්‍ය වරයා සහ මනෝ විශේෂඥ වෛද්‍යවරයා හමු වී මේ පිළිබඳ ව සාකච්ඡා කොට ප්‍රතිකාර සැලසුම් කර ගත යුතුය . 

එවිට ඇගේ දරු  ප්‍රසූතියට පසු ව කිසිදු සංකූලතාවයන් තොර ව  එම කාලය නිරෝගී වූ ගත කිරීමට හැකි වනු ඇත . 

තව ද මෙම ඖෂධ ගැනීමෙන් ඇති වන අතුරු ආබාධ ඇති මුත්‍ ඒවාට වඩා ලැබෙන ප්‍රතිඵලය වැදගත් වේ . උඹ ලබා ගන්න ඕනෑම ඖෂධය ක අතුරු ආබාධ ඇති බව මතක තබාගන්න . නමුත් අප එහි ඇති වාසි අනුව අතුරු ආබාධ  ගැන නොසලකා හරිනු ඇත . 

මෙවැනි රෝගීන්ට අවශ්‍ය ඖෂධ විශේෂඥ වෛද්‍යවරයෙකු නිර්දේශ කරන්නේ හොඳින් සොයා බලා ඒවායේ ඇති අතුරු ආබාධ අවමවන ආකාරයට නිසා ඔබ  එය පාවිච්චි කිරීමට බිය විය යුතු නැත .  ඔබට සැක ඇති වන අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරු හමු වී සාකච්ඡා කිරීමෙන් සුදුසු පිළිතුරු සහ සැක දුරු කර ගත හැකි වනු ඇත .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 16 Aug 2019 Fri 6:41 PM

අදහස්