ප්‍රශ්න තොරතුරු

mama arudu 3 masa 4 wayasa duwek inna amma kenek mama den masa 2k thisse pregnat wenna uthsaha karanawa eth thawama prathipalayakne mama mekata mokada karanne plz mata kiyanna  mama hugak Duken inne

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබ දැනට උත්සාහ කරන්නේ මාස දෙකක පමණ කාලයක් පමණක් බැවින් බිය විය යුතු නැත . ඔබ මීට පෙර යම්කිසි  කිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කළේ ද යන්න සඳහන් කර නැති නිසා නිශ්චිතවම පිළිතුර දීම නො හැක .  නමුත් මේ තත්ත්වය බොහෝ කාන්තාවන්ට දෙවන දරු පිළිසිඳ ගැනීම ක දී ඇති වන්නකි .

සාමාන්‍යයෙන් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කර එය නවතා දැමූ සැණින් ගැබ් ගැනීමක් ඇතිවීමේ හැකියාව තරමක් අඩු ය .  විශේෂයෙන් හෝමෝනමය ක්‍රම භාවිතා කළ විට එය නතර කර සැනින් සමහර අයගේ  ඔසප් චක්‍රය  ක්‍රමවත් වන්නේ නැත .  එවැනි තත්ත්වයක් ඔබට තිබේ නම් තිබේ නම් ඔබ කලබල විය යුතු නැත .  මෙහිදී ඔබ කළ යුත්තේ ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වී නියමිත ඖෂධ හා උපදෙස් ලබා ගැනීමයි .  බොහෝවිට ස්වාභාවිකවම මේ තත්වය නිවැරදි වනු ඇත . 

 එසේම ඔබට ගැබ් ගැනීමට සුදුසු කාලයේදී එක්වීම  ඉතා වැදගත් ය . එමෙන්ම ඔබගේ ඔසප් චක්‍රය ක්‍රමවත් ව තිබීම ද  වැදගත් ය . මේ කරුණු දෙක ම සපුරා තිබේ නම් ගැබ් ගැනීමේ හැකියාව ඉහළ ය .

මෙසේ තිබියදීත් තවත් මාස 4ක් තුළ ඔබට ගැබ් ගැනීමක් ඇති නොවේ නම් ඔබත් ස්වාමියත් වෛද්‍යවරයෙකු වෙත යොමු වී පරීක්ෂා කරවා ගැනීම උචිතය . ඉතා කලාතුරකින් පළමු ගැබ් ගැනීමෙන් පසු ඇතිවන   මදසරුභාවයබාවය නිසා ගැබ් ගැනීමක් ඇති නොවිය හැක .  සාමාන්‍යයෙන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් උත්සාහ කිරීමෙන් දරුවන් නොලැබේ නම් පමණක්  එය මදසරුභාවය ලෙස සැලකේ.  

එමෙන් ම ස්වාමියාගේ ශුක්‍රාණු සරු නො වීම නිසා ද සිදුවිය හැක .  

 මේ කුමන තත්ත්වයක් වුවත් සරල පරීක්ෂා කිහිපයක් මගින් නිවැරදිව හඳුනා ගත හැක . නමුත් මේ සඳහා ඔබ දෙදෙනා අඩුම තරමින් මාස හයක් වත් දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සාහ කල  යුතුය.  

මාස දෙකක පමණ කාලයක් කිසිසේත් ප්‍රමාණවත් නො වේ .  

දැනටමත් ඔබ ෆෝලික් අම්ල පෙති භාවිතා කරන බව සිතමි .  තවත් මාස 4ක් වත් උත්සාහ කිරීමෙන් අනතුරුව පමණක් වෛද්‍යවරයකු වෙත යොමු වීම උචිත බව නිර්දේශ කරමි .  

ඔබ දෙදෙනාම මනස නිරවුල්ව තබා ගෙන යහපත් මානසික සන්තෘෂ්ඨියයුතුව සිටීම ද ගැබ් ගැනීමට ඉතා ඉවහල් වේ .  එබැවින් කලබල නොවි ස්වභාවධර්මයේ නීතියට ඉඩ ලබා දී ප්‍රතිඵල  ලබා ගැනීමට උත්සාහ කරන්න . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Aug 2019 Tue 5:30 PM