ප්‍රශ්න තොරතුරු

ඩොක්ට මම කලින් පෙම්වතා සමග ලිංගිකව එක්වෙලා නෑ නමුත් ඔහුගෙ දිව මගෙ ලිංගික ප්‍රදේශය ස්පර්ශ කලා නමුත් මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ පසු දින මගෙ යෝනිය තුලින් රුධිරය වහනය උනා මට තෝර ගන්න බෑ ඒ මගෙ කන්‍යාපටලයට හානි වෙලාද එහමත් නැත්නම් මම ඔසප් වුනාද යන්න මේ නිසා මම විශාල පීඩනයකින් පසුවනවා කරුනාකර මට පිලිතුරක් ලබා දෙන්න

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 


සාමාන්‍යයෙන් කන්‍යා පටලය  බිඳීමට ලිංගිකව එකතු වීමක් ම  අවශ්‍ය නැහැ . වෙනත් ආකාරයක යම්කිසි තෙරපුමක් යෝනි මාර්ගය තුලට ලැබුණ හොත් එයින් වුවද කන්‍යාපටලයට හානි විය හැක . සමහර අයගේ කන්‍යා පටලයපටලයට හානි වුවත් වේදනාවක් ඇති වන්නේ නැහැ .  හැම විටම රුධිරය  පිට වන්නෙත් නැහැ.  

ඔබගේ මාසික ඔසප් දිනය හා ලිංගිකව එකතු වූ දිනය මෙහි  සඳහන් කර නැති නිසා එය අපට ද නිවැරදිව කිව නොහැකි ය .  සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුලට කිසිදු ඇතුළු වීමක් සිදු වී නැත්නම් ඔබ ඒ ගැන බිය විය යුතු නැහැ .  ස්පර්ශ වීමක් පමණක්  නම් වූයේ නම්  බොහෝ විට ඔබගේ කන්‍යාපටලයට හානි වීමට ඇති ඉඩ කඩ අඩු බවයි අපේ හැඟීම .

ඔබගේ ඔසප් චක්‍රයේ දින ගණන  අනුව එය ඔසප් වීමක් ද නැතහොත් වෙනත් ආකාරයක රුධිරය පිටවීමක් යන්න සිතාගත හැකිය .  

 කන්‍යාපටලයට හානි  වී ඇද්දැයි දැන ගැනීමට නම් එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු(VOG) ලවා පරීක්ෂා කරවා ගැනීමෙන් දැනගත හැක

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Sep 2019 Thu 10:07 AM