ප්‍රශ්න තොරතුරු

mn boy කෙනෙක් අවු:19 මට පුංචි කාලෙ ඉදන් වචන පැටලෙනවා ලොකු වෙනකොට අඩු වෙයි කිවුවට අඩු වුන් නෑ මේ නිසා මට ගොඩක් කට්ටිය ඉන්න තැනක කතා කරන්න එහෙම අපහසුයි කේන්ති ආවොත් කතා කර ගන්න බැරි තරම්,මං ගොඩක් පසුතැවෙනවා pleas Doctor මට මේක සනීප කරගන්න විදිහක් කියන්න....

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුලින්ම ඔබට ඇත්තේ මානසික රෝගයක් කොවන බව හදුනා ගැනීමට අවශ්‍යයි. ඔබගේ උපතේසිටම ස්වරතන්ත්‍ර වල පවතින කුඩා දෝෂයක් නිසා වචන පැටලීමට පුලුවන්. මෙය සාමාන්‍ය තත්වයකි. ඔබ පමණක් නොවේ, මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටී. ලංකාවේ සුපිරි ගී තරු පවා මෙම වචන පැටලීමේ දෝෂය සහිතයි. නමුත් එය ඔවුන්ගේ දක්ෂතා හමුවේ ඉස්මතු නොවේ.

ඉතින් ඔබ මේ පිළිබදව වද වන්නේ පීඩාවිදින්නේ ඇයි? ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඔබ කතා කරන වේගය අඩු කර කතා කිරීමෙන් මෙම තත්‍ත්වය මගහරවා ගත හැකියි. තවද තරහ එන අවස්ථාවකදී නම් එම අවස්ථාව මග හැර ගොස් ඓත සැහැල්ලු කර ගන්න. එවිට ප්‍රශ්න ඇති නොවේ. ඔබේ කතාව පිළිබද ප්‍රශ්නයකුත් ඇති නොවේ. මනස ශක්තිමත් කර ගන්න. ඔබට ජීවිතය ජයග්‍රහණය කළ හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 8:45 AM