ප්‍රශ්න තොරතුරු

doctor මට රෑට නින්ද යන්නේ නැහැ,මම ලොකු මානසික පීඩනයකින් සිටින කෙනෙක්,මේ ආතතිය නැති කරගන්න මට මොනවද කරන්න පුළුවන්,thankyou.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මුලින්ම හොඳ හුස්මක් අරගන්න. ඊට පස්සෙ ඔබ හිත හිත සිටින කරුණු කාරණාවන් ගැන හිතන්න. ඒවා දැන් ඔබ බොහෝ කලක් තිස්සේ සිතන ඒවාය. ඒවා පිළිබඳව කොච්චර සිතුවත් ප්‍රතිපලයක් නැත. එනිසා එම අනවශ්‍ය දෑ සිතින් බැහැර කරන්න.

තව ඔබ හැකිතාක් කාර්‍යබහුල වන්න. එවිට අනවශ්‍ය දෑ ගැන ඔබට සිතීමට කාලයක් නැත. තවද ඔබට වෙනස් කල නොහැකි දේවල් ගැන හිතමින්, ඒවා මතම යැපෙන්නට හෝ හිඳින්නට එපා. ඔබ හොදින් ඉගෙන ගන්න. ඉතුරුම් කරන්න. හොඳ යාලුවන් ඇසුරු කරන්න. සැමවිට සතුටින් සිටින්න. අනවශ්‍ය දෙයක් මතකට එන විට කාර්‍යබහුල වෙන්න. සතුටින් සිටින්න. කිසිම දෙයක් ගැන හිතන්නට එපා.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 Jun 2020 Mon 3:27 PM