ප්‍රශ්න තොරතුරු

මගේ වයස අවුරුදු 46, මට දරුවන් දෙදෙනකු සිටිනවා.මට ඇති ප්‍රශ්නය නම් එන්ඩ්‍රොමෙස්සියස් රෝගය නිසා මගේ ඩිම්බ කෝශ දෙක සමග ගර්භාෂයත් ඉවත් කලා. ඉන්පසු මගේ මහත්තයා මාව මග හැරීම වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම නිසාත් ඇති වුනු සිත් රිදවීම් පහර දීම් නිසාත්, දිවි නසා ගැනීමට තැත් කිරීම, දුක වේදනාව, වෙන්වීම නිසා මට විශාදය වැලදුනා එයට   shock treatment 3 ලබා දුන්නා. දැනට වසර 5 තිස්සේ එම රෝගයට බෙහෙත් බ්ව්වා. එම බෙහෙත් වෛද්‍ය උපදෙස්  නොමැතිව නතර කර දමා දැනට අවුරුදු 2 පමණ වෙනවා. මගේ වෛද්‍යවරයා විදේශ ගත වූ නිසා. ශල්‍යකර්මය කර වෛද්‍ය උපදෙස් මත ලබා ගත් , හෝමෝන පෙති දැනට වසර 3 පෙර නතර කරනු ලැබුවේ වෛද්‍ය උපදෙස් මතයි. දැන් නැවත පැමිණ  මගේ මහත්තයා ගොඩක් ආදරෙන් ඉන්නවා. මට දැන් ලිංගික ආශාවල් කිසිවක් ඇති වන්නේ නැහැ. මා කළ යුත්තේ කුමක්ද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පසු කල අවධිය පිළිබඳව ඔබගේ සැමියා දැනුවත් බව සිතමි. ඔබ සිතුමතේ බෙහෙත් නතර කිරීම නම් අනුමත කල නොහැක. නමුත් ඔබ මුලින්ම මනස පීඩනයට ලක්නොවී නිතරම සැහැල්ලුවෙන් සිටීමට සකසා ගැනීම ඉතා වැදගත් වේ.

තවද ඔබ සැමියා සමග කටයුතු කිරීමේදී නිතරම සැහැල්ලුවෙන් සිටින්න. ලිංගික ක්‍රියාවන්හි යෙදීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනත් ක්‍රම භාවිතා කල හැක. මේ සෑම දෙයක්ම සඳහා ඔබ දෙදෙනා අතර පවත්නා යහපත් සබඳතාවය මෙන්ම තේරුම් ගැනීමේ හැකියාවද ඉතා වැදගත් වේ.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Sep 2020 Fri 4:16 AM