< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මගේ වයස 25, මට අවුරුද්දක බබෙක් ඉන්නවා මට ගෙදර කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ගොඩක් කම්මැලි ගතියක් දෙනවා එකට මොනවහරි විටමින්ස් හරි බෙහෙතක් තියෙනවද කම්මැලිකම යන්න?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ කම්මැලි සහගත පුරුද්ද සඳහා විටමින් හෝ බෙහෙත් වර්ගයක් අවශ්‍යයි කියා ඔබට දැනෙන්නේ කිනම් කරුණු නිසාද යන්න පැහැදිලි කරන මෙන් ඉල්ලමි.කෙසේ වෙතත් අවු. 1 බබෙකු සිටින මවක් ලෙස සෑම විටකදීම, ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව මාර්ගයෙන් අදාළ වෛද්‍යවරයකු හෝ වෙනත් වෛද්‍යවරයකු පරික්ෂාවට ලක් කිරීමෙන් පසුව නිර්දේශ කරන බෙහෙත් හෝ විටමින් නියමිත මාත්‍රා වට ලබා ගන්න. කිසි විටකත් තමන්ට වැඩිමහල් වූ පමණින් හෝ තමන්ට වඩා දැනුමක් හා අත්දැකීම් ඇතයි සිතු පමණින් පවුලේ ඥාතීන්ගේ / මිතුරන්ගේ/ වැඩිහිටියන්ගේ නිර්දේශ වලට හා අන්තර්ජාලයේ හෝ සමාජ ජාල වල දුටු පමණින් බෙහෙත් හෝ විටමින් වර්ග භාවිතා කිරීම සුදුසු නොවේ.

කෙසේ වෙතත් ඔබගේ කම්මැලි ස්වභාවය ගැන තව දුරටත් විස්තර දක්වන්නේ නම් මැනවි. මෙම තත්වය උදා වුයේ දරුවා බිහිවීමෙන් පසුවද? ඔබගේ දිනපතා පුරුදු ගැන තව දුරටත් කියන්න. ක්‍රියාශීලි පුරුදු මගින් ඔබ නිරෝගිමත් වන බව සිහි තබා ගන්න. එසේම පවුලක් ලෙසින් ඔබගේ ඉලක්ක (ඉදිරි බලාපොරොත්තු, දරුවාගේ අනාගතය, පවුල් ජීවිතය ) යන කාරනා සාර්ථක කර ගැනීමට නම් ඔබගේ ක්‍රියාශීලි දිවි පැවැත්ම අත්‍ය අවශ්‍ය සාධකයක් බව සිතන්න.ඔබ ක්‍රියශිලිව වැඩ කිරීම වඩා වැදගත්ම කාලය මෙයයි. මන්ද දරුවන් අනුගමනය කරන්නේ මව් පියන් වේ. එවන් තත්වයක් තුල ඔබගේ ක්‍රියාශීලි නොවන දිවි පැවැත්මට නොදැනුවත්වම ඔබේ දරුවා හුරු විය හැක. එය දරුවා ගේ අනාගතයට කරන බලපෑමකි(දරුවන්ගේ උපන් දා සිට අවුරුදු 7 කාලය තුල ලබා ගන්න අත්දැකීම්, දරුවාගේ අනාගතයට බලපෑම් ඇති කරන බව මනෝ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයා ගෙන තිබේ).

ඔබට කම්මැලි හැඟීම් ඇති වන විට වහ වහා දරුවා වෙනුවෙන් ක්‍රියාශීලි වෙන්න පුරුදු වන්න. දින පතා ක්‍රියා කාරකම් කාල සටහනකට අනුව කරන්න පුරුදු වන්න. නිකරුනේ වැය කරන කාලයෙන් පවුලේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. අලස පුරුදු වෙනුවට ක්‍රියාශීලි පුරුදු හුරුකරන්න( කම්මැලි වී ටීවී බලන්න හිතුනු වෙලාවට දරුවා සමග සෙල්ලම් කිරීමට කාලය යොදන්න).පුරුදු යනු අප මනසින් ගොඩ නගා ගන්නා දේවල් වේ.(කම්මැලි සිතු විල්ලක් සිතට ආ විට ඉන් සිදුවන හානිය ගැන සිතා වහා නැගිට ක්‍රියාශීලි වන්න.) නරක පුරුදු වෙනුවට හොඳ පුරුදු අඛණ්ඩව (පුරුද්දක් බවට පත් වන තුරු) ඇති කරගන්න.සාර්ථක හා අසාර්ථක මිනිසුන් අතර ඇති ලොකුම වෙනස ඔවුන්ගේ පුරුදු වේ. ඔබට, ඔබේ පවුල් ජිවිතයට සාර්ථකත්වය අවශ්‍ය නම් ඔබේ හොඳ පුරුදු දියුණු කරගන්න. එය ඔබට කල හැකි බව විස්වාස කරන්න . ආරම්භ කරන්න, දිගටම කරන්න ඔබ නොදැනුවත්වම ඒවා පුරුදු බවට පත්වේ. ඔබට එය කල හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:39 PM