ප්‍රශ්න තොරතුරු

මම ෆොනේ එකට තදින් ඇබ්බැහි වෙලා ඉන්නේ, එකට මොකද කරන්නේ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුලින්ම ඔයාගේ කතාවේ වටිනා කොටස කියන්නම්. ඒ තමයි ඔයා ෆෝන් එකට ඇබ්බැහි වෙලා කියලා තේරුම් අරන් සිටීම සහ ඉන් මිදීමට ක්‍රමයක් සෙවීම. මොකද ගොඩක් දෙනා තමන් යම් දේකට ඇබ්බැහි වෙලා කියලවත් දන්නේ නෑ. හරි අපි මෙහෙම පටන් ගමු. ඔයා කොලයක් අරන් ලියන්න දවසකට පැය කියක් ෆෝන් එක භාවිතා කරනවද කියලා ඒ වගේම ඩේටා භාවිතා කරනවානම් දිනකට යන වියදමත් ලියා ගන්න. දැන් මේක සතියකට, මාසෙකට, අවුරුද්දකට හා අවුරුදු ගණනාවකට වෙන වෙනම ලියලා බලන්න. දැන් බලන්න ඔයාගේ ජිවිතේ වටිනාම දේවල් මොනවද කියලා, උදා: තමන්, දෙමවුපියන්, ඥාතින්, මිතුරන් පෙම්වතිය, බිරිද, අධ්‍යාපනය , ඉලක්ක වගේ කරුණු.ජිවිතේ වටිනා දේවල් වෙනුවෙන් ගත කරන්න පුළුවන් කාලය, මුදල් කොපමණ අපතේ යනවද කියලා කල්පනා කරන්න.ඒ වගේම මතක තියාගන්න අපිට වුමනාව හා කැපවීම තියනවානම් කරන්න බැරි දෙයක් නෑ. ඔයාට ඒ වුමනාව ආපු නිසා තමයි අපෙන් මේ ගැන විමසන්නෙ. දැන් තියෙන්නෙ කැපවීම ඇති කරගන්න එකයි. වැඩි පුර ෆෝන් එක එක්ක ගැටෙන වෙලාවල් අවම කරගැනීමට එම වෙලාවලට වඩා වැදගත් වගකීමක් ඉටු කරන්න හුරු වෙන්න. ගෙදර වගකීමක්, කය වෙහසන ක්‍රීඩාවක්, තව අයෙකුට උපකාරයක්, තමන්ගේ අනාගතය වෙනුවෙන් යමක් ඉගන ගැනීමක්. මතක තබා ගන්න එකම දේ කිහිප වරක් සිදු කරාම පුරුද්දක් වෙනවා. ඉතිං‍ අන්න ඒ නිසා ඔයාගේ තියන නරක පුරුද්ද හිතට එනකොටම ඒ ක් තේරුම් අරන් ඒ වෙනුවට හොඳ දෙයක් වාර ගණනාවක් කරන්න . ඔබට නොදැනුවත්වම ඔබගේ නරක පුරුද්ද ඉවත් වී ඒ වෙනුවට හොඳ පුරුද්ද ඇතිවෙයි. හැබයි මේක එක දවසක් දෙකක් කරලා මදි. ඉදිරියේදී ඔබගේ පුරුද්ද හා ඒවාට ක්‍රියාත්මක වූ අකාරය හා ලැබුණු ප්‍රතිපල දැනගැනීමට කැමත්තෙමි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:44 PM