මගේ වයස අවුරුදු 46, මට දරුවන් දෙදෙනකු සිටිනවා.මට ඇති ප්රශ්නය නම් එන්ඩ්රොමෙස්සියස් රෝගය නිසා මගේ ඩිම්බ කෝශ දෙක සමග ගර්භාෂයත් ඉවත් කලා.
ඉන්පසු මගේ මහත්තයා මාව මග හැරීම වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම නිසාත් ඇති වුනු සිත් රිදවීම් පහර දීම් නිසාත්, දිවි නසා ගැනීමට තැත් කිරීම, දුක වේදනාව, වෙන්වීම නිසා මට විශාදය වැලදුනා එයට shock treatment 3 ලබා දුන්නා.
දැනට වසර 5 තිස්සේ එම රෝගයට බෙහෙත් බ්ව්වා. එම බෙහෙත් වෛද්‍ය උපදෙස් නොමැතිව නතර කර දමා දැනට අවුරුදු 2 පමණ වෙනවා. මගේ වෛද්‍යවරයා විදේශ ගත වූ නිසා.
ශල්‍යකර්මය කර වෛද්‍ය උපදෙස් මත ලබා ගත් ,
හෝමෝන පෙති දැනට වසර 3 පෙර නතර කරනු ලැබුවේ වෛද්‍ය උපදෙස් මතයි.
දැන් නැවත පැමිණ මගේ මහත්තයා ගොඩක් ආදරෙන් ඉන්නවා.
මට දැන් ලිංගික ආශාවල් කිසිවක් ඇති වන්නේ නැහැ. මා කළ යුත්තේ කුමක්ද ?