වෙනත්
මූලික සෞඛ්‍යය
මූලික ලිංගික අධ්‍යාපනය
නාරිවේදය
ගර්භනීබව
මීට වසර 1 1/2 කට පමණ මාගේ සහෝදරියගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳී ගිය අතර එම තරුණයා ඉන්පසු ඇය සමඟ පෙර දී whatsapp video call භාවිතයෙන් ලබා ගත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහරින බව කියමින් ඇය වෙත තර්ජනාත්මක කෙටි පණිවුඩ සහ දුරකතන ඇමතුම් ලබා ගන්නට විය. මෙම ප්‍රශ්නයෙහි අවසානයක් දැකිය යුතු බැවින් මාගේ සහෝදරිය සියලු විස්තර මා සමඟ පැවසුවාය. මා හට ද තනි ව කළ හැකි දෙයක් නොමැති කමින් මම මේ පිළිබඳ ව මාගේ දෙමාපියන් ද දැනුවත් කළෙමි. එවිට මාගේ දෙමාපියන් ඔහුගේ දෙමාපියන්ටද මේ බව දැනුම් දුන් අතර ඉන්පසු එම තර්ජන අවසන් වූ අතර දැනට වසරක පමණ කලක සිට අපි නිදහසේ ජීවත් වුණෙමු. නමුත් ඒ අඳුරු අතීත සිදුවීම තවමත් අපගේ ජීවිත තුළ හොල්මන් කරයි. සහෝදරියගේ ගැටලුවක් වුවද මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමෙහිලා ඍජුව නිරාවරණය වූ අයෙකු බැවින් ඉන් අනතුරුව මා ද විශාදය සහ ග්‍රස්ථිය (OCD) යන මානසික රෝග තත්ත්ව වලින් පීඩා විඳි අතර මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ත ද සුවයක් නොමැත. අප තවමත් සහෝදරියගේ ජංගම දුරකතනයට පැමිණෙන unknown messages & calls වලට බියක් දක්වයි. තව ද සමාජ මාධ්‍ය භාවිතයට ද දැඩි බියක් දක්වයි. අප හැකිතාක් සමාජයෙන් හුදෙකලා වීමට බොහෝ සේ ප්‍රිය කරයි. unknown numbers වලින් calls & messages පැමිණි විට මා සහ ඇය අධික ලෙස බියට පත් වෙයි.එවිට මාගේ මුළු ශරීරය ම සීතල වී හෘද ස්පන්දන වේගයද ඉතා ඉහළ යන අතර ක්ෂණිකව උග්‍ර ගැස්ට්‍රයිටිස් තත්ත්වය ක් ද හට ගනියි. ඉන්පසු මා හැඬීමට පටන් ගනියි. මෙසේ බොහෝ කලක් ගිය පසුත් එවැනි calls & messages වලට බිය විය යුතුද? එසේ බිය නොවී සිටීමට සහ ශක්තිමත් ගැහැණියක වීමට අප කුමක් කළ යුතුද? අප පෙරදී ගත කළ ඉතා නිදහස් , සැහැල්ලු ජීවිතය මතක් වන විට සිය දිවි නසා ගන්නට පවා සිතුණු වාර ගණන අනන්තය. තවද මම නිවසේ බුදු පහන ට සහ දෙවිවරුන්ට දිනකට සිය වතාවකට වඩා වැඳුම් පිදුම් කරමි. එසේ නොකළහොත් කිසියම් භයානක යමක් සිදු වේ යැයි මාගේ සිත මට පවසයි. මෙය ද මා හට විශාල හිසරදයකි . තවද අතීතයේ එම ප්රශ්නය ඇති වූ කාලයේ මා කළ කී කිසිවක් නැවත කිරීමට බියක් ඇත. කොටින් ම ඒ ඒ දිනවල මා හැඳ පැළඳ සිටි ඇඳුම් ආයිත්තම් පවා ඒවා නැවත ඇන්ඳහොත් නැවතත් එම ප්රශ්නය ඇති වේය යන බිය නිසා ඇඳීමට පැළඳීමට ද බිය වෙමි. මෙම දැවෙන ප්රශ්නය ට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. #ස්තූතියි.
Asked on Feb 11, 2021 from Sri Lanka | Question code: 11246