මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය

Help Us Spread the Word!

මත්ද්‍රව්‍ය භාවිතය සදාචාරාත්මක පිරිහීමට මෙන්ම මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුකරන වැරදි නෛතික ප්‍රතිවිපාකයන්ද ඇති කරනු ලබයි. මත්ද්‍රව්‍ය ඔබව අපරාධමය වැරදි වලට යොමු කරනු ලබයි. මත්ද්‍රව්‍ය නීතිවිරෝධීව නිෂ්පාදනය, බෙදා හැරීම, භාවිතය අපරාධමය වැරදි වන අතර එකී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන රිය අනතුරු, පහරදීම්, ස්ත්‍රී දූෂණය, සොරකම, ලිංගික අතවර, ළමා අපචාර, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යනාදී කරුණු හේතුවෙන් දෛනිකව අපරාධකරුවන් සහ අපරාධ වින්දිතයන් ඉහළ යාම මෙන්ම ළමා පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කර ගැනීම රටෙහි අනාගතයට සෘජුවම බලපානු ලබයි. මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රටෙහි ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය පද්ධතීන්ට සිදු කරනු ලබන අහිතකර බලපෑම් සුලුවෙන් තැකිය නොහැක.

මත්ද්‍රව්‍ය ලබා ගැනීම අරමුණු කරගෙන ලිංගික ශ්‍රමිකයන් බවට සිය කැමැත්තෙන් පත් වූ කාන්තාවන්ද මලීන්ට මෙන්ම කාමාතුරයන්ට දූෂණය කිරීම සඳහා මෙන්ම ලිංගික තෘප්තිය ලබාගැනීම පිණිස සිය දියණිවරු මෙන්ම බාල වයස්කාර දරුවන් මුදලට විකුණමින් මිනිස් ජාවාරම්කරුවන් බිහි වීමද මත්ද්‍රව්‍ය ආශ්‍රිතව බිහි වූ දැඩි සමාජමය ගැටළුවකි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් දරුවන්ට නිසි අධ්‍යාපනය, පෝෂණය, රැකවරණය ලබා නොදීම ආදී කෲරත්වයට පත් කිරීම බහුලව සිදුකරනු ලබයි. මත්ද්‍රව්‍ය භාවිතය පවුල් ආරවුල් සඳහාද විශාල හේතුවක් වේ. මන්දයත් දරුවන් සහ කාලත්‍රයන් නඩත්තු නොකිරීම සහ පහරදීම්, බැණවැඳීම්, අමානුෂික කායික හා මානසික ලිංගික හිංසන හේතුවෙන් අපරාධ නඩු විශාල ප්‍රමාණයක් මෙන්ම විශාල දික්කසාද සහ භාරකාරත්ව වැනි සිවිල් නඩු ප්‍රමාණයක් අධිකරණ පද්ධතියට එක් වීම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට පවා බලපායි.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ නීති තත්වය සැලකීමේදී වැදගත් වන පනතක් ලෙස 2022 අංක 44 දරන විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධිත) පනත හඳුනාගත හැක. එකී පනතේ 54 (අ) (1) හා 54 (ආ) වගන්ති යටතේ චෝදනා නැගිය හැකි මත්ද්‍රව්‍ය වර්ග වන්නේ අබිං, මෝෆීන්, කොකේන්, හෙරොයින්, අයිස් සහ ගංජා හඳුනාගත හැක. එමෙන්ම මෙම පනතේ 52, 54 හෝ 54 (අ) (1) උපවගන්තියෙහි (ආ), (ඇ), (ඈ) ඡේද හා 54 (ආ) වගන්තිය යටතේ වන මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවමකින් දඩුවම් නොදෙන අතර පරිවාසයේ තැබීමේ ආඥා පනතේ අනිවාර්ය පුනරුත්ථාපනය සහ වසර 10 නොඉක්මවන කාලසීමාවක් සඳහා බන්ධනාගාර ගත කරනු ඇත. තවද මෙම පනත යටතේ වන වැරදි සිදුකරන්නට මරණ දඩුවම පවා ලැබෙන බව තරයේ සිහි තබා ගත යුතුය. එමෙන්ම 2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය පිළිබඳ පනතේ 10 (3) හා 10 (4) උප වගන්තීන්ද වැදගත් වේ.

ඉහත කී කරුණු අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික, ආරක්ෂක අධිකරණ යනාදී රටෙහි සියලු ක්ෂේත්‍රයන්ට සෘජුව මෙන්ම වක්‍රව බලපාන මෙම මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ තුළින් වන ප්‍රචණ්ඩත්වය පිළිබඳ සහ සමාජීය පිරිහීම, නීති තත්වය හා දඩුවම් පිළිබඳව පාසල් ප්‍රජාව සහ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කරන ප්‍රවර්ධන වැඩසටහන් දීප ව්‍යාප්තව සිදුකරලීමද අද වනවිට කාලීන වශයෙන් වැදගත් වන බව පැවසිය යුතුය.

මූලාශ්‍රය: කාන්තා පිහිට


Help Us Spread the Word!

மறுமொழியொன்றை இடுங்கள்

உங்கள் மின்னஞ்சல் வௌியிடப்பட மாட்டாது. கட்டாயமான புலங்கள் * ஆக குறிக்கப்பட்டுள்ளன