ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය

Help Us Spread the Word!

විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත ඇති වේ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් විවාහය නම් සබඳතාවය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුළින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිව නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.

ශ්‍රී ලංකාවේ විවාහයක් සිදු කර ගත හැකි ආකාර කිහිපයක් තිබේ.

  1. සාමාන්‍ය නීතිය යටතේ
  2. උඩරට නීතිය යටතේ
  3. මුස්ලිම් නීතිය යටතේ

ඉහත ඕනෑම ක්‍රමයක් මඟින් සිදු කර ගනු ලබන නීතයානුකූල විවාහයකදී,

  1. එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය නඩත්තු කිරීමේ වගකීමක්
  2. එකිනෙකාගේ දේපල උරුම කර ගැනීමේ අයිතියක්

විවාහ වන දෙපාර්ශවය සම්බන්ධයෙන් ඇත.

සාමාන්‍ය නීතිය යටතේ විවාහය

මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ආඥා පනතයි. එය අදාළ වන්නේ පහතරට සිංහලයන්ට,

  • ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
  • තේසවලාමේ නීතිය යටවත් ද්‍රවිඩයන්ට
  • ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට වේ.

අවම වයස් සීමාව

සාමාන්‍ය විවාහ පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවයටම අවුරුදු 18 වේ. ඒ අනුව මෙම නෛතික අවශයතාවයට පටහැනි විවාහ (බාල වයස් කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.

තහනම් ඥාති සබඳතා පැවැත්වීම

ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 16 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුව විවාහ වලංගු නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

තහනම් ඥාති සබඳතා යනු,

මව-පුතා, පියා-දියණිය, සහෝදර-සහෝදරිය, මවගේ පියාගේ සහෝදර සහෝදරියන්ගේ දියණිවරු හා පුතුන් අතර (තහවුරු කර නොමැත), මාමා-ලේලි, ආච්චි-මුණුපුරා, විවාහවයන් පසුව කලත්‍රයන්වේ දියණිවරු හා පුතුන් අතර ඇති ව සම්බන්ධතාවන්ය.

වලංගු පෙර විවාහයක් නොපැවතීම

නීත්‍යානුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා ප වත් 18 වගන්තියේ මේ බව දක්වයි. ඉහත කරුණු වලට අමතරව දෙපාර්ශවයේම කැමැත්ත අවශ්‍ය වේ. ඉහත අවශ්‍යතා සපුරාලන අයෙකුට නීතිය පිළිගන්නා වලංගු විවාහයක් සිදුකර ගත හැකිය.

සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම

සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය. විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ට්‍රාවරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි. විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය සැලකීමේදී ලියාපදිංචි සිදු කරන්නේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාද ක්‍රිස්තියානි පූජකවරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ. විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ විවාහ ලේකම් වරයාට දැනුම්දිය යුතුයි. (පනතේ 23, 24 වගන්ති).

එම දනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය. නියමිත කාල සීමාව අවසානයේදී විවාහ ලේකම්වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ. එසේ නිකුත් කරනු ලබන සහතිකය සඳහා විරුද්ධත්වයක් වේ නම් එය අධිකරණය වෙත යොමුකළ. එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි. (පනතේ 31 (1) (2) වගන්තිය). විවාහය ලේකම් කාර්යාලයේදී සිදුකරනු ලබන්වන් නම් එහිදී සාක්‍ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ යුතුය (පනතේ 35වන වගන්තිය). පූජක වරයකු ඉදිරිවේ සිදුකරනු ලබ විවාහෙ චාරිත්‍ර අනුර්ම ය කර සාක්‍ෂිකරුවන් ඉදිරිවේ සිදුකල යුතුය (2001 අංක 11 දරණ සංශෝධන පනතේ 11 වගන්තිය).

සාමාන්‍ය නීතිය යටතේ ඇති කරගන්නා ලද වලංගු විවාහයක් දික්කසාදයකින් අවසන් වන තුරු වලංගුව පවතින මුත් සාමාන්‍ය විවාහ ආඥා පනතේ අත්‍යවශ්‍ය උපචාර අනුගමනයකින් වතාරව ඇති තොරව ඇති කරගන්නා ලද විවාහ ශුන්‍ය හෝ බල රහිත කර ගත හැකිය.

උඩරට නීතිය යටවත් විවාහය

උඩරට නීතිය පාලනය වන්වන් 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත මඟිනි. උඩරට නීතිය යටවත් විවාහ විය හැක්කේ උඩරට පාර්ශවයන් දෙදෙනෙකුට පමණි.

උඩරට නීතිය යටවත් විවාහය වලංගු වීමට නම්,

  • විවාහ විය හැකි අවම වයස: අවුරුදු 18 සම්පූර්ණ කිරීම (පනතේ 4 වගන්තිය). නමුත් සාමාන්‍ය නීතියට වඩා වඩා වෙනස් තත්ත්වයක් උඩරට නීතිය යටවත් යටතේ දක්නට ලැබේ. එනම් පනතේ 4 (2) වගන්තිය දක්වන අවශයතා දෙක මත අවුරුදු 18ට අඩු අය අතර කරන විවාහය වලංගු වේ.
  • තහනම් ඥාති සම්බන්ධතා නොතිබීම: උඩරට විවාහ නීතිය යටතේද තහනම් ඥාති සම්භන්ධතා මත කරන විවාහ නොපිළිගනී. පනතේ පස්වන වගන්තිය යටතේ මේ පිළිබඳ ප්‍රතිපාදන දක්වා ඇත.එය සාමාන්‍ය විවාහ ආඥා පනතේ දැක්වෙන ප්‍රතිපාදන හා සමාන වේ.
  • වලංගු පූර්ණ විවාහයක් නොතිබීම: උඩරට විවාහ හා දික්කසාද ආඥා පනතේ 6 වගන්තිය දක්වන ආකාරයට වලංගු පූර්ණ විවාහයක් අවලංගු කර නොගෙන විවාහයක් සිදුකර ගත නොහැක. මීට අමතරව,
    • පාර්ශවයන් දෙදෙනාම උඩරැටියන් විය යුතුය.
    • ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වේ.
    • විවාහය උඩරට ප්‍රදේශ වල පමණක් සිදු කළ යුතුය.
    • දෙපාර්ශවයම සමකුල විය යුතුය.

උඩරට නීතියේ විවාහ කාර්යය පටිපාටිය: මෙම නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරැටියන් දෙදෙනෙකුට
පමණි. සාමාන්‍ය විස්තර වලට අමතරව උඩරට විවාහයකදී විවාහය දීග විවාහයක් ද එසේ නොමැති නම් බින්න විවාහයක් ද යන්න සඳහන් කළ යුතුය. උඩරට විවාහ ආකාර දෙකකි.

  • බින්න විවාහය
  • දීග විවාහය

උඩරැටියකුට උඩරට හෝ සාමාන්‍ය නීතිය අනුව වහෝ විවාහය ලියාපදිංචි කිරීමට නිදහස තිබේ. උඩරට විවාහ නීතිය යටතේ විවාහය සිදු කිරීමේ කාර්යය පටිපාටියද සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහ කාර්යය පටිපාටියට සමාන වේ. මීට අමතරව පාර්ශවකරුවන්ගේ වාසය පළිබඳ විස්තර ඉදිරිපත් කරමින් විවාහය ගැන දැනුම්දිය යුතුය. දැනුම් දීමට දින 4කට පෙර උඩරට ප්‍රදේශයේ පදිංචිව සිටිය යුතුය.(පනතේ 16 වන වගන්තිය) එසේම පනතේ 23 (1) අ (ii) වගන්තියේ දැක්වෙන පරිදි පාර්ශවය විවාහක ද, දික්කසා ද, වැන්දඹුවක් ද යන වග දැක්විය යුතුය. පනතේ 23 (1) අ (ii) වගන්තියේ දැක්වෙන පරිදි විවාහවේ (දීග විවාහයක් ද, බින්න විවාහයක් ද) දැක්විය යුතුය.

මුස්ලිම් නීතිය යටතේ විවාහය

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි. මුස්ලිම් විවාහයක් සිදු කෙරෙන්නේ මුස්ලිම් කාන්තාවක් හා පුරුෂයෙකු අතරය. මුස්ලිම් පුරුෂයෙකුට මුස්ලිම් නොවන ස්ත්‍රියක් මුස්ලිම් නීතිය අනුව විවාහ වීමට හැකි වන්නේ ඇය ක්‍රිස්තියානි අයෙකු වුවවහාත් පමණි. මුස්ලිම් පුරුෂයෙකුට බෞද්ධ හෝ හින්දු ආගමික ස්ත්‍රියක් විවාහ කර ගැනීමට අවශය නම් ඇය ඉස්ලාම් ආගම වැළඳ ගත යුතුය. එසේ නැති නම් ඔහුට ඇය සමග විවාහ විය හැ හැක්කේ සාමාන්‍ය නීතිය අනුවයි. එසේම මුස්ලිම් කාන්තාවකට මුස්ලිම් නොවන පුරුෂයෙකු සමග විවාහ වීමට අවශ්‍ය නම් ඇයට මුස්ලිම් නීතිය යටතේ විවාහ විය හැක.

වලංගු විවාහයක් සඳහා ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී. මුස්ලිම් නීතිය යටතේ විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කරගත් නොහැකිය. මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්වක් මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි. එහි දී විවාහවීමට අවම වයස නොදක්වන අතර අවුරුදු 12ට අඩු ගැහැණු ළමවයකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය. මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්‍යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාල නොවේ. ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාඨාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.

මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ ලියාපදිංචිය

මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ ලේකම්වරුන් සාමාන්‍ය හා උඩරට නීතිය යටතේ විවාහ ලේකම්වරුන් නොවේ. ඒ සඳහා විශේෂ නිලධාරීහු වෙති. පනතේ 17 වගන්තිය අනුව නිකායට අදාල චාරිත්‍ර පැවැත්වීවමන් පසු විවාහ ලියාපදිංචිය සිදු කරයි.ඒ සඳහා අත්සන් කරන පාර්ශව කවුද යන්න පනතේ17(2) ව වගන්තියේ දක්වයි. මුස්ලිම් විවාහ නීතිය යටතේ ශාෆි නිකායට අයත් විවාහ සිදු කිරීමේදී වාලි වරයා සදාල ස්ථානයේ පෙනී සිටිමින් ඒ සඳහා කැමැත්ත පල කළ යුතුය පනතේ 25 (අ) වගන්තිය). නමුත් විශේෂ අවස්ථාවලදී ඒ සඳහා කාති වරයාට බලය ඇත (පනතේ 25 (ආ) වගන්තිය).

ඉහත කී පැහැදිලි කිරීම අනුව, විවාහයක් නෛතිකව වලංගු වීමටත් ඒ තුළින් ඇති වන නෛතිකව අයිතිවාසිකම් බලාත්මක කිරීම සඳහාත් විවාහයක් ලියාපදිංචි කිරීම අනිවාර්‍යය වේ. සාමාන්‍ය නීතිය යටතේ තම ජාතිය හා ආගම අනුව අදාළ වන චාරිත්‍ර ඉටු කිරීම මඟින් ලියාපදිංචියෙන් තොරව චාරිත්‍රානුකූලව වලංගු විවාහයක් සිදු කර ගැනීමට හැකියාව තිබේ. නමුත් විවාහයක් සිදු කිරීවම් කිරිමේ හොඳම ක්‍රමය විවාහය රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ ලියාපදිංචි කිරීම වන අතර විවාහයක් ඔප්පු කිරීමට ඇති වැදගත්ම සාධකය වන්නේ විවාහ සහතිකයයි. උඩරැටියන්ට තම විවාහය වලංගු විමට නම් ලියාපදිංචි කිරීම අනිවාර්‍ය අංගයක් වනු ඇත. මුස්ලිම් නීතිය යටවත් ලියාපදිංචිය අනිවාර්‍ය නොවන නමුත් චාරිත්‍රානුකූල විවාහයක් සිදු කිරීම අනිවාර්‍ය වේ.


Help Us Spread the Word!

மறுமொழியொன்றை இடுங்கள்

உங்கள் மின்னஞ்சல் வௌியிடப்பட மாட்டாது. கட்டாயமான புலங்கள் * ஆக குறிக்கப்பட்டுள்ளன