Relationship breakup related issue

1.62K viewsMental Health

Relationship breakup related issue

මම දැනට මූලික උපාධිය අවසන් කරලා ඉහළ පශ්චාත් උපාධියක් හදාරන ගෑණු ළමයෙක්. මම මට වඩා අවුරුදු කිහිපයක් වයසින් බාල පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් පැවැත්වූවා අවුරුදු 1 1/2 ක්. ඔහුත් මගෙම මූලික උපාධිය හදාරපු කෙනෙක්. ඔහුව විශ්වවිද්‍යාලයේ දී දැනගෙන හිටියත්, 2020 අවුරුද්දේ ඔහු මාත් එක්ක messenger හරහා කතා කරන්න පටන් ගැනීමත් එක්ක තමා මට ඔහු ගැන සුවිශේෂී හැඟීමක් ඇති වුණේ. මොකද මං බලාපොරොත්තු වුණු ගතිගුණ බොහොමයක් එයාට තිබුණු නිසා. ඔහුට ඒ ගැන කිව්වට පස්සේ දෙන්නගෙම එකඟතාවයෙන් අපි සම්බන්ධතාවයක් පටන් ගත්තා. පාසල් කාලයේදී මට අවුරුදු 2 ක පමණ සම්බන්ධතාවයක් තිබුණත්, මොහුගේ පළවෙනි සම්බන්ධතාවය වුණේ මම. අපේ සම්බන්ධයේ මුල් කාලයේ ඉඳන්ම ගැටලු මතුවුණා ඔහුත් මමත් එකම උපාධියක් හදාරලත් මං ඔහුට වඩා ඉහළට ගිහින් තියන එක ගැන. අපි අතර ඒ සම්බන්ධව නිතරම රණ්ඩු ඇතිවුණා. මං conference වලින් ජයග්‍රහණයක් ගත්තත් මට ඔහුත් එක්ක කවදාවත් සතුටින් ඒ ආරංචිය කියන්නන පුලුවන්කකමක් තිබුණේ නෑ රණ්ඩු වෙන නිසා. ඔහුත් මාත් මුණ ගැහුණේ බොහොම කලාතුරකින් මොකද අපි පළාත් 2 ක නිසා..මේ අතරේ මට උපාධිය සම්බන්ධ පුහුණුවකට ඔහු කැමතිම රටේ මාස 3 ක් නවත්තන්න වෙනවා. ඒ පුහුණු කාලය පුරාම අපි හුගාක් රණ්ඩු වුණා…ඔහු මාත් එක්ක යන්න හීන දැකපු රටට මම තනියම ගියා කියලා…ඒ පුහුණුව අතර තමා ඔහුගේ උපාධි උත්සවයත් තිබුණේ.  පස්සෙ ලංකාවට ආවමත් අපි  අතර ප්‍රශ්න ගොඩක් ආවා…ඔහුට ඕනේ වුණා රටකට ගිහින් ඒ අත්දැකීම ගන්න…මොකද මීට කලිනුත් මම රටවල් කීපයකට අධ්‍යාපනමය කාරණාවලට (ඔහුත් එක්ක යාලු වෙන්න කලින්) ගිහින් තියන නිසා. ඔහු agency එකක් හරහා තමන්ගේ සල්ලි වියදම් කරලා කෙටි සංචාරයකට වෙනත් රටකට ගියා. කොහොමහරි ගිය අවුරුද්දේ ජූනි මාසෙදි එයාට මගෙන් අයින් වෙන්න ඕනේ කිව්වා මාත් එක්ක ඉද්දි එයාට ලොකු මානසික පීඩනයක් එනවා කියලා අර රට ගමනත් එක්ක. ඒක මට ලොකු පීඩනයක් වුණා…මාව අතාරින්න එපා කියලා මං ඔහුට බැගෑපත් වුණා…මට මානසික උපදේශනය ගන්න වුණා, psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් ගන්න වුණා මාස 3 ක්…අවාසනාවකට එයා ගිහින් මාස 3 කට පස්සේ එයා සල්ලි වියදම් කරලා ගියපු රටටම මට නැවතත් අධ්‍යාපන සමුළුවකට යන්න වුණා. ඔහු ගියත් සැරෙන් සැරේ කතා කරලා මගේ දුක සැප ඇහුවා. ඉතින් මේ ගමන ගියාමත් ආපහු අපි අතර ගොඩක් ප්‍රශ්න ඇතිවුණා. මම ලොකූ මානසික පීඩනයකට ලක් වුණා…මේ ගමන යන්න බෑ කියලා ආචාර්යවරුන්ගෙන් පවා ඉල්ලුවා…ඒත් යන්න වුණා…මාස 6 ක් විතර බොහොම අමාරුවෙන් ඉදලා මම යථා තත්වයට පත් වුණා. ඔහු නැවත ඉදහිට මට කතා කරලා දුක සැප ඇහුවා. ඒත් ආපහු ඔහු කැමතිම රටට මගේ අවසන් presentation එකට යන්න වෙලා තියනවා. ඉතින් මම මේ ගමන යන්න බැරිබව මගේ ආචාර්යවරියට කිව්වා (ඇය මේ ගැටලුව දන්නවා). ඒත් ඇය උපදෙස් දුන්නේ ඔහු මාත් එක්ක ඉන්නවනම් ඔහු මගේ අද්‍යාපනයට උදව් කළ යුතු බව. දැනට ඔහු පශ්චාත්  ඩිප්ලෝමාවක් හදාරනවා. රැකියාවෙන් ඉවත් වෙලා අලුත් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔහුට නොකියා මෙවැනි ගමනක් යන එක හිතට වදයක් නිසා ඔහු කතා කරපු වෙලේක මං මේ ගැන කිව්වා..දැන් ඔහු නැවතත් මට චෝදනා කරනවා රට ගමන් වෙනුවෙන් මං ආදරේ පාවා දුන්නා කියලා. ඒත් මේ ගමන් එකක්වත් මට නොයා ඉන්නවා කියන තීරණය තනියම ගන්න බැරි, මගේ ඉහළ උපාධියට අදාළ ගමන්. මට හිතාගන්න බෑ මගේ වරදින්ද මේ හැමදේම වුණේ කියලා..ඔහුගේ ජීවිතේ ඔහු ගැනම අවතක්සේරුවෙන් හිතන්න ඔහු පෙළබුනෙ මං නිසාද ? මට මේ ගමන නොයා ඉන්න ඕනේ වුණත් නොයා ඉන්න විදියක් නෑ…ඒක ඔහු තේරුම් ගන්නෙම නෑ..මගෙර් හිතට වද දෙනවා මං ඔහුට වැරැද්දක් ද කළේ කියලා..මේක මට ලොකූ පීඩනයක්. කරුණාකරලා මට උපදෙසක් දෙන්න 🙏

Gadya Kuruppu Answered question July 23, 2024
Sorry, you do not have permission to read comments.
1