තයිරොක්සින්
තයිරොක්සින්
මට තයිරොක්සින් ගැටලු තිබෙනවා. බබෙක් සෑදීමට එය ගැටලුවක් ද?
Yeheli.lk Changed status to publish April 8, 2024
							Sorry, you do not have permission to read comments.
නිවැරදිව ප්‍රතිකාර මගින් පාලනය වන තයිරෝයිඩ් රෝගී තත්ත්වයන් තුළ දරුවෙකු සාදා ගැනීමේ ගැටලුවක් නැත. නමුත් ගැබ් ගැනීමට පෙර ඔබේ තයිරොයිඩ් පරීක්ෂණ නිවැරදිව සිදු කර ඒ සම්බන්ධයෙන් කායික විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව නාරි හා ප්‍රසව වෛද්‍ය වරයාගේ ද උපදෙස් මත ගැබ්ගැනීම සැලසුම් කළ යුතුය. එවිට සාර්ථක දරු උපතක් සංකූලතා නැතිව ඇතිකර ගත හැක. ඔබට හැකිනම් ළඟම රජයේ ශික්ෂණ රෝහලක් වෙත යොමුවන්න. ඒවායේ මේ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇත.
Yeheli.lk Answered question April 8, 2024
				Sorry, you do not have permission to read comments.

 
              