ලිංගික අපයෝජනය

Help Us Spread the Word!

ලිංගික අපයෝජනය යනු සරල අර්ථයෙන් ගත් කල එක් තැනැත්තෙකු විසින් තවත් අයෙකුගේ කමැත්ත හෝ එකඟතාවයෙන් තොරව සිඩු කරනු ලබන ලිංගික හැසිරීමකි. ලිංගික අපයෝජනය නම් අපරාධමය වරද සම්බන්ධ නීති තත්වය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇත. එම සංශෝධන පනත මගින් 365 (ආ) වගන්තිය අනුව අලුතින් ඇතුලත් කොට බරපතල ලිංගික අපයෝජනය නම් අපරාධමය වරද ව්‍යවස්ථාගත කොට ඇත. එයට අනුව බරපතල ලිංගික අපයෝජනය යනු ලිංගික තෘප්තිය ලබා ගැනීමේ අරමුණින් ලිංගේන්ද්‍රිය හෝ ශරිරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක් හෝ වෙනත් යම් තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යම් විවරයක් හෝ එම තැනැත්තාගේ ශරීරයේ යම් කොටසක් පාවිච්චි කිරීමෙන් කරනු ලබන යම් ලිංගික ක්‍රියාවකි.

මෙහිදී එම ලිංගික ක්‍රියාව,

  • අනෙක් තැනැත්තගේ කැමැත්ත නොමැතිව හෝ
  • බලහත්කාරයෙන් පාවිච්චි කිරීමෙන් හෝ
  • බිය ගැන්වීමෙන් හෝ
  • ඒ අනෙක් තැනැත්තාට මරණය පිළිබඳ බය හෝ තුවාල සිදු කිරිමේ බය ඇති කිරීමෙන් හෝ
  • ඒ අනෙක් තැනැත්තා නීති විරෝධී ලෙස රඳවාගෙන සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව හෝ
  • අනෙක් තැනැත්තා සිහි විකල්ව සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව හෝ
  • ඒ අනෙක් තැනැත්තා මධ්‍යසාර හෝ මත් ද්‍රව්‍ය ලබාගෙන මත්ව සිටින අවස්ථාවක ලබාගත් කැමැත්ත ඇතිව

සිදුකර තිබිය හැක.

තවද දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තිය යටතේ වන ස්ත්‍රී දූෂණය නම් වරද ස්ථාපනය වීම සඳහා ප්‍රවේශය පැවැතීම අවශ්‍ය වේ. එනම් ලිංගික සංසර්ගය සඳහා ස්ත්‍රී යෝනි මාර්ගයට පුරුෂ ලිංගය ඇතුළු කිරීම සිදුව තිබිය යුතුය. නොමැති යම් ක්‍රියාවක් බරපතල ලිංගික අපයෝජනය නම් වරද ස්ථාපනය කරනු ලැබිය එවැනි ප්‍රවේශයක් සිදුව හැකිය.

අපරාධය සඳහා දඩුවම්
බරපතල ලිංගික අපයෝජනය සිදු කරන ලද තැනැත්තෙකුට අවුරුදු 7කට නොඅඩු අවුරුදු 20ක් නොඉක්මවන්නා වූද කාලයකට බරපතල වැඩ ඇති සිර දඬුවම් හා දඩයකින් දඩුවම් කරනු ලැබිය හැකිය.

තවද ලිංගික අපයෝජනය වරදට ලක්වූ වින්දිතයාට සිදු වූ හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරනු ලබන මුදලක් වන්දි වශයෙන් අපරාධය සිදු කළ තැනැත්තාගෙන් අය කරවා ගැනීමට හිමිකම් ලබයි.
මීට අමතරව අවුරුදු 18කට අඩු තැනැත්තෙකු එනම් ළමයෙකු සමඟ බරපතල ලිංගික අපයෝජනය සිදු කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු 10කට නොඅඩු වූද අවුරුදු 20ක් නොඉක්මවන්නා වූද බරපතල වැඩ ඇති සිර දඩුවමක් සහ දඩයකින් දඬුවම් ලැබිය හකි අතර වින්දිත තනැත්තාට වන්දියක් ගෙවන ලෙසටද අධිකරණයට නියෝග කළ හැකිය.
වර්තමාන සමාජය තුළ ලිංගික අපයෝජනයට ලක්වන වින්දිතයන් බොහෝමයක් සිටියද ලැජ්ජාව, බිය, ඇතැම් සමාජ ආකල්ප සහ නොදැනුවත්කම වැනි විවිධ හේතූන් මත මෙවැනි බොහෝමයක් අවස්ථා වාර්තාගත නොවී මග හැරී යන බවද දක්නට ලැබේ. මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් අයෙකුට පහත සඳහන් ස්ථානවල සහ ආයතනවල සහය ලබාගත හැකිය.

  • ශ්‍රී ලංකා පොලීසිය – 119
  • ශ්‍රී ලංකා පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශය 011 2444444
  • කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති ජාතික කාන්තා කමිටුවේ පැමිණිළි මධ්‍යස්ථානය
  • කාන්තා උපකාරක සේවාව-1938
  • ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව – 1926
  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය – 1929
  • කාන්තා පිහිට නීතිමය සේවාව – 076 8686555
  • කාන්තා පිහිට උපදේශන සේවාව – 077 5676555

නිවැරදි නීතිමය ප්‍රවේශයක් වෙත අවතීර්ණ වීම හරහා අපරාධකරුවන්ට දැඩි දඩුවම් පැමිණවිය හැකි අතරම සිදුවූ හානිය වෙනුවෙන් ඔවුන්ගෙන් වන්දි අය කරගැනීමේ හැකියාවද පවතී.

මූලාශ්‍රය: කාන්තා පිහිට


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *