ළමා අපචාර

Help Us Spread the Word!

ළමා අපචාරයක් යනු දරුවාගේ ශාරිරික හෝ චිත්තවේග සෞඛ්‍ය හා සංවර්ධනය අනතුරේ හෙළන හෝ අඩාල කරන ඕනෑම ක්‍රියාවක් හෝ අතපසු කිරිමකි. ප්‍රධාන වශයෙන් ළමා අපයොජනය වර්ග 4 කට බෙදා ඇත.

  1. ශාරීරික
  2. ලිංගික
  3. චිත්තවේගය
  4. නොසලකා හැරීම

ශාරිරික හිංසනය යනු

යමෙක් දැනුවත්ව දරුවෙකුට හානියක් කළ විට හෝ අනතුරට පත් කළ විට දරුවෙකුට ශාරිරික අපයෝජනය සිදුවේ. ශාරිරික අපයෝජනය සෑම විටම පෙනෙන ලකුණ හෝ තුවාල ඉතිරි නොකරයි. ශාරිරික හිංසනයට පහර දීම, සෙලවීම, විසිකිරීම, පිලිස්සීම, දියේ ගිල්ලවීම, හුස්ම හිර කිරීම හෝ වෙනත් ආකාරයකින් දරුවාට ශාරිරික හානියක් සිදු කිරීමද ඇතුලත් විය හැකිය.

ලිංගික අපයෝජනය

ළමා ලිංගික අපයෝජනය සිදු වන්නේ වැඩිහිටියෙකු යෞවනයෙකු හෝ දරුවෙකු තම බලය හෝ අධිකාරිය යොදා වෙනත් දරුවෙකු ලංගික ක්‍රියාකාරකම් වලට සහභාගි වීමට බල කිරීම ගැනීමය.

චිත්තවේගිය අපයෝජනය

චිත්තවේගිය අපයෝජනය සිදු වන්නේ දරුවෙකුට ඔවුන්ගේ සාමාජීය චිත්තවේග හෝ බුද්ධි වර්ධනයට අහිතකර ලෙස බලපාන සිදු වීමය.

නොසලකා හැරීම

නොසලකා හැරීම සිදුවන්නේ දරුවාගේ මූලික අවශ්‍යතා නොසලකා හැරීම මත ඔවුන්ට සංවර්ධනය සිදුවන අතපසු වීමේය.

මෙම ලිපිය මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ළමුන්ට එරෙහිව සිදුවන කායික හිංසාවන් සහ ඒ සඳහා වර්තමානය පවත්නා වූ නීතිමට තත්වයයි.

ජාතික ළමා ආරක්ෂා අධිකාරියේ පනත (NCPS) ළමා අපයෝජන වැලැක්වීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වන ළමුන් ආරක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම පිලිබඳව ජාතික ප්‍රතිපත්තයට සකස් කිරීම සහ සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සඳහා සම්බන්ධවේ.

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන පනතක් ලෙස

  • 1939 පනවන ලද ළමුන් හා තරුණයන් පිලිබඳ ආඥා පනතද
  • 1950 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම සඳහා වළක්වා ගන්නා පනතද වේ.

ඉහත පනත් අනුව ළමා යනු අවුරුදු 14 ට අඩු කෙනෙක් ලෙස නිර්වචනය කොට ඇත.

දණ්ඩ නීති සංග්‍රහය ළමා අපචාර වැලැක්වීම සඳහා සහ ළමා අපචාර සිදු කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොදා ගන්නා ප්‍රධාන මූලාශ්‍රය ලෙස හැඳින්විය හැකිය.

  • 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝදන පනත)

මෙහි විශේෂත්වය වන්නේ ළමා අපචාර පිලිබඳ වැරදි සම්බන්ධයෙන් පමණක් නොව එම වැරදි සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම හා අවම දඬුවම්ද නිර්වචනය කොට තිබීමය. මෙම පනත මගින් අපරාධ වරද ලෙස නිර්වචනය කොට ඇත්තේ ළමයින් කෲර ලෙස වධහිංසා වලට භාජනය කිරීම, ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, ලිංගික අපචාරයන් සඳහා ළමුන් සැපයීම අශිලාචාර දර්ශනයකට හෝ ප්‍රකාශයකට ළමයකු යොදා ගැනීම හෝ සඳහා අනුබල ලබා දීම, එවැනි ප්‍රකාශයන් සන්තකයේ තබා ගැනීම, විකිණිම බෙදා හැරීම අනුබල දීමය.

  • 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන පනත)

මෙම පනත මගින් පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ළමයින් යොදවා ගැනීම සහ බරපතල අපරාධයන් ලෙස නිර්වචනය කර දඬුවමද නියම කොට ඇත.

ළමුන් හිඟා කෑම සඳහා යෙදවීම, ලිංගික සංසර්ගය සඳහා ළමුන් කුලියට ගැනීම, සේවයේ යෙදවීම, සීමිත භාණ්ඩ එනම් විෂ ද්‍රව්‍ය අබිං හා වෙනත් මත්ද්‍රව්‍යය ප්‍රවාහනය සඳහා ළමුන් යොදවා ගැනීම.

ළමා අපචාර සම්බන්ධයෙන් දැනුම් දිය යුතු ආයතනයන්

  • පොලිස් ළමා හා කාන්තා කාර්‍යශය
  • ජාතික ළමා ආරකෂක අධිකාරිය

මෙම සියලුම අණපනත් හා නීති මගින් දරුවෙකුගේ අයිතිවාසිකම් තහවුරු කරනවා සේම ආරකෂාව රැකවරණයද තහවුරු වේ.

මූලාශ්‍රය : කාන්තා පිහිට


Help Us Spread the Word!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *