2005 අංක34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ එහි ක්‍රියාකාරිත්වය

Help Us Spread the Word!

ඕනෑම ආකාරයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සඳහා ප්‍රතිපාදන අඩංගුවේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 1) ශාරීරික – දණ්ඩනීති සංග්‍රහයේ 16 වන පරිච්චේදයේ අඩංගු මනුෂ්‍ය ශරීරයට සිදු කරන වැරැදි. 2) මානසික-උද්වේගශීලි බැන වැදීම නිසා මානසික කම්පනය

පනතේ ප්‍රධාන පරමාර්ථ – 1) ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වහාම වැළැක්වීම 2) අගතියට පත්වූ පාර්ශවයට සුරක්ෂිතභාවය, සුභ සිද්ධිය සැළැස්වීම. එය සිවිල් ප්‍රතිකර්මයක් මිස අපරාධ ක්‍රියාවලියට විකල්පයක් නොවේ.

ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කා විසින්ද? අගතියට පත්වූ පාර්ශවය, ප්‍රචණ්ඩත්වයට ලක්වූ, ලක්වෙමින් පවතින හෝ ලක්විය හැකි අය; අගතියට පත්වූ අය ළමයෙකු නම්,

දෙමව්පිය/භාරකරු, ළමයා දැනට ජීවත්වන අය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් බලය ලත් නිළධාරියෙකු, පොලිස් නිළධාරියෙකුට ඉල්ලුම් ඉදිරිපත් කළ හැකිය.

අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි වනුයේ කාහට එරෙහිවද?

1)තම කලත්‍රයා 2) හිටපු කලත්‍රයා 3) එක්ව දිවි ගෙවන සහකරු/සහකාරිය4) ගෘහස්ථ වශයෙන් සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන යන අයට එරෙහිව අගතියට පත්වූ පාර්ශවය හෝ ඒ වෙනුවෙන් දෙමව්පියන් / දෙමව්පියන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ දරුවන් යන අයට අයදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.

අයදුම් පත්‍ර ඉදිරිපත්කළ හැකි වනුයේ කුමන අවස්ථාවකදී ද? කවර ස්ථානයකදී ද?

ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවූ විට හා සිදුවීමට ඉඩ ඇති අවස්ථාවකදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වහාම වැළැක්වීම සඳහා අගතියටපත් පාර්ශවය වෙසෙන හෝ අදාළ පාර්ශවය පදිංචි හෝ ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුවූ / සිදුවීමට ඉඩ ඇති හෝ අගතියටපත් පාර්ශවය තාවකාලිකව පදිංචි ප්‍රදේශය අයත් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම ගොනු කළ හැකිය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත

ඉල්ලුම්පත අධිකරණයට ඉදිරිපත් කළ විට එසැනින්ම සළකා බලා අධිකරණයට සෑහීමකට පත්වූයේ නම්:

1)අතුරුආරක්ෂක නියෝගයක් නිකුත් කළ යුතුවේ. ඒක පාර්ශිකව ආරක්ෂක නියෝග නිකුත් කිරීමට පෙර ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල අය, දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත්කළ අයගේ සාක්ෂි විමසිය හැකිය. අධිකරණයට දින 14ක් ඇතුළත ඉදිරිපත් වන ලෙස නොතිසි නිකුත් කළ යුතුවේ. අතුරු ආරක්ෂක නියෝගය නිකුත් කිරීමේදි අධිකරණය සැළකිලිමත් විය යුත්තේ, ප්‍රචණ්ඩ ක්‍රියාව වහාම වැළැක්වීමේ සහ අගතියට පත්වූ පාර්ශවයේ ආරක්ෂාව සැළැස්වීමයි. අතුරු ආරක්ෂක නියෝගය ආරක්ෂක නියෝගය නිකුත් කරන තුරු වලංගුවේ.

ආරක්ෂක නියෝගය පාර්ශවයන් ඉදිරිපත් වූ විට සාක්ෂි විමසා බැලිය යුතුවේ. වගඋත්තරකරු අධිකරණයට ඉදිරිපත්වී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළි නොගන්නා නමුත්, අතුරු ආරක්ෂක නියෝගය නිකුත් කිරීමට විරුද්ධ නොවේ නම්, අධිකරණයට ඉදිරිපත් නොවේ නම්, ආරක්ෂක නියෝගයක් ඉදිරිපත් කරනු ඇත

ආරක්ෂක නියෝගය පාර්ශවයන්ට නිකුත් කරනු ලැබීමෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නැවත සිදු කිරීම වලක්වනු ලැබේ. අගතියට පත් පාර්ශවයේ ආරක්ෂාව හා සුභ සිද්ධිය තහවුරු කිරීමට වෙනත්තහනම් නියෝග ද ඇතුළත්විය හැකිය. මෙම ආරක්ෂක නියෝගය මාස 12ක කාලයක් තුල බල පැවැත්වේ.

ආරක්ෂක නියෝගයේ ඇතුළත් වන තහනම් නියෝග:

ආරක්ෂක නියෝගයක ඇතුළත් වන තහනම් නියෝග පාර්ශවයන් හවුලේ වාසය කළ ස්ථානයකට හෝඉන් කොටසටකට ඇතුළත් වීම, අගතියට පත් පාර්ශවය වාසය කරන සේවා ස්ථානය හෝ පාසැලකට ඇතුළත් වීම, තාවකාලික නිවහනකට ඇතුළත් වීම, හවුලේ වාසය කරන ස්ථානයකට ඇතුල් වීම, අගතියට පත් පාර්ශවයේ ළමයෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වීම, පොදුවේ භාවිතා කරන සම්පත්වලට ප්‍රවේශය වැළැක්වීම, අගතියට පත් පාර්ශවයට උපකාර කරන මිතුරෙකු, ඥාතියෙකු, සමාජ සේවකයෙකු හෝ වෙනත් අයෙකුට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම, අගතියට පත් අය පසු පස හඹා යාම, අගතියට පත් අයගේ සුරක්ෂිතභාවයට බාධා පැමිණෙන ඕනෑම කටයුත්තක නිරත වීම, වෛවාහක නිවස විකිණීම, පැවැරීම, තෑගි දීම, වෙනත් අයුරකින් අයිතිය ගැන කටයුතු කිරීම වැළැක්විය හැකිය.

පරිපූරක නියෝග

අගතියට පත් පාර්ශවයේ සුරක්ෂිතභාවය සුභසාධනය රැක ගැනීම හා සැළසීම උදෙසා අධිකරණය පරිපූරක නියෝග පැනවිය හැක. ඒ අනූව වගඋත්තරකරු සන්තකයෙහි ඇති ආයුධ අතොත් ඒවා පොලිස් භාරයට ගැනීමට අගතියට පත් පාර්ශවයට අයත් බඩු බාහිරාදිය ලබා ගැනීම සඳහා එම ස්ථානයට යාමට පොලිස් ආරක්ෂාව සලසා දීම, අනිවාර්‍ය‍ උපදේශනය, මනෝ චිකිත්සාව හා වෙනත් පුනුරුත්ථාපන වැඩ සටහන් වලට යොමු කිරීම, ආරක්ෂක නියෝග නිසි ලෙස පිළිපදින බවට අධීක්ෂණය කිරීම සඳහා පවුල් උපදේශක, සමාජ සේවක හෝ සෞඛ්‍ය සේවකයෙකුට නියම කිරීම, හදිසි මාසික දීමනාවක් ලබාදීමට, තාවකාලික නිවහනක නවාතැන් සපයාදීම, නිවහනක නැවතී සිටීම සඳහා පහසුකම් සැළැසීම හා ඊට අදාල ගෙවිම් කිරීම, අගතියට පත් පාර්ශවයට සෘජුවම ගෙවීමක් කරන ලෙස සෙවායෝජකට නියෝග කළ හැකිය.

වැදගත් කරුණු

නඩත්තු ආඥා පනත යටතේ අයිතීන් වලට බලපෑමක් සිදු නොවේ. අපරාධමය ක්‍රියාදාමයකට බාධාවක් නොවේ. පාර්ශවයන්ගෙන් ඉල්ලීම මත ආරක්ෂක නියෝගය වෙනස් කිරීම, නවීකරණය විචල්‍ය කිරීම, දීර්ඝ කිරීම, පරිච්චින්න කිරීම කළ හැකිය. අයදුම් පත නිදහසේ සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ විට හැර කිසිම සහනයක් ලබා නොදේ. කලත්‍රයා නිසි සාක්ෂි කරුවෙක් වේ. ආරක්ෂක නියෝගයට එරෙහිව ප්‍රාදේශීය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැක. ඇතුලත් ආරක්ෂක නියෝගය උල්ලංගනය කලහොත් රුපියල් 10000 ක දඩයකට හෝ එක් වසරක සිර දඩුවමකට හෝ මෙම දඩුවම් දෙකටම භාජනය කළ හැකිය. අධිකරණ තීන්දුව හැර පාර්ශවයන්ගේ නම් හෝ වෙනත් කරුණු මුද්‍රණය කරන අයට අධිකරණය මගින් දඩුවම් පැමිණවිය හැකිය.

මූලාශ්‍රය: කාන්තා පිහිට


Help Us Spread the Word!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *