< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ගැහැනු ලමයෙක් ලිංගිකව කී දෙනෙක් සමග එකතු වෙලා තියෙනවද කියලා හොයන්න පුළුවන් ක්‍රමයක් තියනවද මගෙ මහත්තයා මාව සැක කරනවා මන් හිටියෙ එයා එක්ක විතරයි නමුත් මගෙ කන්‍යා පටලයක් තිබ්බා කියලා හොයන්න බැරි උනා ලිංගිකව එකතු උනාට රුධිරය ආවේ නෑ  මට මේකට විසදුමක් ලබාගන්න පුළුවන් ද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

ඔබේ සැමියා විද්‍යාව ගැන අවබෝධයක් නැති මිත්‍යාවන් විශ්වාස කරන බව පේනවා. කන්‍යාපටලය බිඳී රුධිර ය යන්නේ 30%ටත් අඩු පිරිසකට පමණයි. 

ස්වභාවික ව කන්‍යාපටලය පිහිටා නැති අය මෙන්ම එය ඝනව පිහිටා ඇති අයත් ඇදෙනසුලු බව නිසා නොකැඩෙන අයත් සිටිනවා. 

ඒ අයට පළමු එක්වීමේදි රුධිර ය පිටවන්නෙ නැහැ. මේ බව ඔහුට පහදා දීමට වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න. 

වෛද්‍යවරයකු ට කාන්තාවක් කී වරක් පිරිමි සමග සිටියාද කියා කිව නොහැක. නමුත් කන්‍යාපටලය තිබේද නැද්ද යන්න පැවසිය හැක. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 Jan 2021 Tue 8:56 PM