ප්‍රශ්න තොරතුරු

mage kanyabawaya nethi una nisa mata bayai man marry krna kena eka danagena mawa dala yai kiyala.mta loku අසාධාරණයක් une me samajayen.dn man gedara inne job ekak krnne na.mata job ekk kranna tharm මානසිකත්වයක් na.mata hamawelema mage prsna mathak wenawa.gedara thaniyama iddi thami matak wenne.gedara aya wenaskam krnawa mata.ethakota hemadema dala kohe hri ynna hithenawa.mata mekata wisadumak denna puluwan da

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ කන්‍යා පටලයට හානි වීමත් එය පිළිබඳව විවාහ වීමට සිටින තැනැත්තා දැනගත හොත් ඔහු හැරදා යතැයි සිත ඔබ කනස්සල්ලටත් බියටත් පත්ව ඇති බව මට දැනෙනවා. කන්‍යාපටලය බිඳී යාම සිදුවූ පමණින් කෙනෙකුගේ කන්‍යාභාවය තීරණය කිරීමට නොහැකිය. ඇතැම් කාන්තාවන්ගේ උපතින්ම කන්‍යාපටලය පිහිටන්නේ නැත. ඇතැම් කාන්තාවන්ගේ ලිංගික සම්බන්ධයකින් නොවුවද වෙනත් හේතුවක් මත කන්‍යා පටලය බිදී යාහැකිය. මෙම කරුණු සැලකිල්ලට ගෙන පුද්ගලයකු කාන්තාවකගේ කන්‍යාපටලය නොමැති වීම විවාහයට බාධාවක් කරගන්නවා නම් ඔහුගේ ආදරය පිළිබඳව නැවත වරක් සිතන්න. ඔබට කන්‍යාපටලය අහිමිවුයේ ඔබගේ වරදින් නොවේ. ඔබට කුඩා කලදී මුහුණ දීමට සිදුවූ යම් සිදුවීමක් නිසාවෙනි. ඔබ විවාහ වීමට පෙර ඔබ ආදරය කරන පුද්ගලයට මෙම සිදුවීම කියන්න ඔබට පුළුවන්. මෙය ඔබගේ වැරද්දකින් සිදු නොවූ බව ඔහු තේරුම් ගනීවි. මෙය සාකච්ජාවකින් විසදාගත හැකි ගැටළුවක් මෙම ගැටලුව නිසා විවාහ වීමට බිය වීමට හේතුවක් නැත. නිවසේ පුද්ගලයන් ඔබට වෙනස්කම් කරනවා යයි පැවසීමට හේතුන් මොනවද? ඇතැම් විට ඔබ මෙම ගැටළුව නිසා කනස්සල්ලෙන් සිටින නිසා නිවැසියන් පිළිබඳව එසේ සිතීමටත් හැකියාවක් ඇත. කෙසේ වෙතත් නිවැසියන්ගේ මෙම හැසිරීමට හේතුවන කරුණු පැහැදිලිව ඉදිරිපත් කල හැකි නම් පැහැදිලි මගපෙන්වීමක් ඔබට ලබාදිය හැකිය. ඔබ පසුගිය අතීතය පිළිබදවම සිතීමෙන් වැළකී ඉදිරි අනාගතය සාර්ථක කරගැනීම සදහා රැකියාවක් සොයාගැනීම සදහා උනන්දු වීම වඩාත් වැදගත් වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 Jan 2021 Wed 10:04 PM