ප්‍රශ්න තොරතුරු

Sir,ane Mt dngnn Oni වෙල්ලදුර kyna kulei ගොවිගම kyna kulei athra wiwahk wenn hoda ndda.වෙල්ලදුර kynne පහත් කුලයක් ද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අතීතයේ පුද්ගලයන් කළ රැකියාව අනුව සමාජ තත්ත්වය නිර්වචනය කිරීම සඳහා යොදාගත්තක් ලෙස කුලය හැඳින්විය හැකිය. කුලය යනු පරම්පරාවෙන් පරම්පරාවට මිනිසාට උරුම වන්නකි. රැකියාව පදනම් කරගෙන අතීතයේ කුලයක් ලබාදුණ ද වර්තමානයේ එම පරම්පරාවේම පුද්ගලයන් කරන රැකියාව අතීත රැකියාවට හාත්පසින්ම වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස අතීතයේ ගොවිතැන් කිරීම නිසා ගොවිගම කුලයේ යැයි හැඳින්වූ පුද්ගලයෙකු වර්තමානයේදී තම ජීවිකාව කරගෙන යාම සඳහා මසුන් මැරීම සිදු කරනවා විය හැකිය. අතීතයේ මසුන් මරන්නන් හැඳින්වුයේ කරාව කුලය ලෙසයි. නමුත් වර්තමානයේ එය වෙනස් වී ඇත. නමුත් ඔහුගේ කුලය වෙනස් නොවේ. කුල ගැන සැලකීමේදී ඒවායේ උස් පහත්කම් ගැන මොනම හෝ විද්‍යාත්මක සාධකයක් නැත. බුදු දහමේ පවා සඳහන් වන්නේද යමෙකුගේ උස් පහත් බව තීරණය වන්නේ උපතින් නොව, වර්තමානයේ ඔහු කරන ක්‍රියාවෙන් වන බවයි.

අතීතයේ ජය ශී‍්‍ර මහා බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කිරීමේ දී විවිධ ශීල්පයන්හි ප‍්‍රවීණත්වය දැරූ කුල 32 ක පිරිස් මෙරටට පැමිණිම සිදුවිය. වෙල්ලදුර යන කුලය ද එකල පැවතියේ ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව සඳහායි. එමනිසා එය සමාජයට මෙන්ම ශාසනයට ද අතිමහත් සේවයක් ඉටු කළ කුලයක් ලෙසින් සැලකිය හැකිය.

මෙම කරුණු සලකා බලා විවාහයේදී කුලය අදාළ කරගන්නවද නැද්ද යන්න ඔබම තීරණය කිරීම වඩාත් සුදුසු වේ. විවාහ වීමට කුල භේදය ගැටලුවක් නොවේ. වඩාත් වැදගත් වන්නේ දෙදෙනා අතර හොඳ තේරුම් ගැනීමක් සහ ආදරයක් පැවතීමයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Feb 2021 Wed 11:35 AM