ප්‍රශ්න තොරතුරු

docta mahaththayai mai lingikawa ekathu wenakota mahaththa satutak labuwata mata satutak na e mokada

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

විවාහ ජීවිතයේදී දෙදෙනාම ලිංගිකව සතුටුවීම වැදගත් වේ. ඔබේ සැමියා ලිංගික තෘප්තියට පත්වුණද ඔබ එලෙස තෘප්තියට පත් නොවන බව සඳහන් කර තිබෙනවා. කාන්තාවක් ලිංගික තෘප්තියට පත් නොවීම සඳහා හේතු ගණනාවක් බලපෑ හැකිය. ඒවා නම්,
* පුර්ව ලිංගික ක්‍රියාකාරකම් වලින් තොරව ලිංගික සංසර්ගයකට යාම
* ලිංගික කාර්යය සඳහා මානසිකව සූදානම් නොවීම
* බලාපොරොත්තු වන ආකාරයේ සහයක් සැමියාගෙන් නොලැබීම
* ස්වයං වින්දනයෙන් ලබන තෘප්තිය සඳහාම හුරු වී තිබීම
* පෙර ලබා ඇති ලිංගික අත්දැකීම් හා සැසඳීම
* එකම ලිංගික ඉරියව්වට හුරු වී තිබීම සහ එම ඉරියව්වෙන් තොරව ලිංගික තෘප්තියට පත් විය නොහැකි බව සිතීම
* බාහිරෙන් ඇතිවන ඇතැම් බාධාකාරී තත්වයන්
* ලිංගික සංසර්ගය සඳහා තෝරාගනු ලබන පරිසරය
* ලිංගික සංසර්ගය සඳහා තෝරාගන්නා වෙලාව
* සැමියා සමඟ පවතින ගැටලුකාරී තත්ත්වයන්
* සෞඛ්‍යයමය හේතු
මේ සඳහා ඔබ පළමුවෙන්ම සැමියා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න. (ඔබ දෙදෙනාගේ ලිංගික අභිරුචි පිළිබඳව සාකච්ඡා කරන්න) ඔබට මේ සම්බන්ධයෙන් උපදේශනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය ඇමතිය හැකිය. 011 2 584 157 / 011 2 584 162

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 Feb 2021 Fri 1:01 PM