ප්‍රශ්න තොරතුරු

මාහට දැන් වයස 27කි මම බැදලා ඉන්නේ.එත් මට දැන් වෙන පිරිමි එක්ක එකට ඉන්න හුගක් අසයි. එක වැරදි හැගිමක්ද නැත්නම් සමනය දෙයක්ද.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඕනෑම අයෙකුට ලිංගික ෆැන්ටසි පැවතිය හැකිය. නමුත් එම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කරගැනීමට යාම සාමාන්‍ය තත්ත්වයක් නොවේ. එය ඔබගේ පවුල් ජීවිතය තුළ ගැටළු ඇතිවීමට හේතු විය හැකිය. ඔබට මෙවැනි සිතුවිලි ඇතිවීමට බලපානු ලබන කිසියම් හේතුවක් තිබේද? එම සිතුවිලි පාලනය කරගැනීමට අපහසු බව ඔබට හැගේ ද? විවාහයත් සමඟින් සෑම අයෙකුටම වගකීම් රාශියක් හිමි වේ. එයින් මුලිකම වගකීම වන්නේ අඹු සැමියන් දෙදෙනා අතර හොඳ බැඳීමක් පවත්වාගෙන යාමයි. වෙනත් පුරුෂයන් ලිංගිකව ඇසුරු කිරීමට යාමෙන් සිදු වන්නේ එම බැඳීමට හානි වීමයි. එවැනි ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් ඔබට නැති වන දේ බොහෝය. එනම්,
* පවුල් ජීවිතය බිඳී යාම
* සැමියා පිළිබඳව ලිංගික හැඟීම් නැති වී යාම
* සමාජ රෝග වැළදීමේ අවධානමක් පැවතීම
* එය ඔබගේ චරිතයටද හානිදායක ලෙස බලපෑම
* අනාගතයේ ඔබගේ දරුවන් සමාජගත වීමේදී එයින් ඔවුන්ටද අවමානයක් සිදුවීම
* ඔබගේ එම චර්යාව අන්‍යයන් දැනගනීවි යැයි බියෙන් පසු වීමට සිදු වීම නිසා ඇතිවන මානසික පීඩනය
* ඔබගේ සමීපතමයින් ඔබෙන් ඈත් වීම
එමනිසා ඔබට එවැනි සිතුවිල්ලක් පැමිණියද ඒ අනුව ක්‍රියාත්මක නොවීමට වග බලා ගැනීම සුදුසු වේ. ඔබට එම සිතුවිලි පැමිණීම වලක්වා ගැනීම සඳහා,
* ඔබේ සැමියා සමඟ හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම
* ලිංගික ෆැන්ටසි සහිත වීඩියෝ නැරඹීමෙන් වැළකීම
* ඔබගේ පවුල් ජිවිතයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම
* එම සිතුවිලි ඒමට ඉඩ නොදී කාර්යබහුල ජිවිතයක් ගත කිරීම
* හැඟීම් වලට වඩා බුද්ධියට ඉඩදී කටයුතු කිරීම
වැනි දේ සිදු කළ හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Feb 2021 Sun 11:54 AM