ප්‍රශ්න තොරතුරු

mge ledet isorm krnn one mokd

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ අන්‍යයන් පවසන දේවල් නිසා දැඩි පිඩනයක පසුවන බව පෙනෙනවා. නමුත් සමලිංගිකත්වය යනු රෝගයක් නොවේ. සමලිංගිකත්වයේදී සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය නොවී එකම ලිංගයේ අයට ආකර්ෂණය වීමයි. නමුත් ඔබ පවසා ඇති කරුණු වලට අනුව පෙනෙන්නේ ඔබ, සමලිංගිකයෙකු යැයි සිතන්නේ අන්‍යයන් පවසන දේවල් අනුව වන බවයි. එය සමලිංගිකත්වය ලෙසින් කිසිසේත්ම හඳුනාගත නොහැකිය. සමලිංගිකත්ව හැඟීම පුද්ගල මනසේ තිබෙන්නක් වන අතර බාහිරින් කෙනෙකුට එය නිරීක්ෂණය කොට පුර්වකථන ලබා දිය නොහැකිය. සෑම පුද්ගලයෙකුට කළ හැකි මෙන්ම නොහැකි කාර්යයන්ද පවතියි. ඔබට යම් දෙයක් කළ නොහැකි වූ පමණින් ඔබගේ පුරුෂත්වයට හානියක් සිදු නොවේ. ඇතැම් විට අන්‍යයන්ට කළ නොහැකි කාර්යයයක් ඔබට කළ හැකි වීමට ඉඩ තිබේ. ඔබ ඔබේ නොහැකියාව දකිනු වෙනුවට ඔබගේ හැකියාව දැකීමට පුහුණු වුවහොත් අන්‍යයන් කියන දෙයින් ඔබ කිසිලෙසකින්වත් පිඩාවට පත් නොවනු ඇත.

ඔබ මහණ වීමට අදහස් කර සිටින බව සඳහන් කර තිබේ. අන්‍යයන් පවසන දේ නිසා ඔබ එසේ කරනවා නම් එය ඔබේ ගැටලුවට විසඳුමක් නොව ප්‍රශ්නයෙන් පලා යාමකි. කෙනෙකු මහණ විය යුත්තේ ගැටලුවලින් පලා යාමට නොව ධර්මය පිළිබඳව ඇති ශ්‍රද්ධා භක්තිය හේතුවෙනි. එසේ නොකොට ගැටලුවට විසදුමක් ලෙස මහණ වුවහොත් එය ඔබට මෙන්ම අන්‍යයන්ටද ගැටලුකාරී තත්ත්වයක් ඇති කරවන්නක් විය හැකිය. ඔබට අන්‍යයන් පවසන දේ වෙනස් කළ නොහැකි නමුදු අන්‍යයයන් පවසන දෙයින් හිත රිදවා නොගෙන සිටීමට හැකිය. ඒ සඳහා ඔබට ධර්මයම ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකියි. එනම් බුදුන් වහන්සේට බොහෝ පුද්ගලයන් නින්දා අපහාස කළ සිද්ධීන් රාශියක් බුදුදහමේ සඳහන් වේ. ඒ සියලු සිද්ධීන් හිදී බුදුන් වහන්සේ ප්‍රශ්නයෙන් පළායාම වෙනුවට එය හමුවේ නොසැලී කටයුතු කළ ආකාරය දැකිය හැකිය. එවිට උන්වහන්සේට පෙර දෝෂාරෝපණය කළ අයද උන්වහන්සේ නිවැරදි බව වටහා ගනු ලැබිය. ඔබටත් මේ ආකාරයට කටයුතු කළ හැකිය. 

යම් පුද්ගලයෙකු නිතර නිතර අපට දෝෂාරෝපණය කරන්නේ අප එයින් හිත රිදවා ගනු දැකීමට ඇති කැමැත්ත නිසයි. අප දිගින් දිගටම ඔවුන් පවසන දේවල් වලින් හිත රිදවා ගත හොත් ඔවුන් දිගින් දිගටම එම කාර්යයයේ නිරත විය හැකිය. නමුත් අපි ඒවා ගණන් නොගෙන සිටියහොත් ඔවුන්ටම ඇති වී එය නවතා දැමිය හැකිය. එමනිසා බාහිර පුද්ගලයෙකු පවසන දෙයකට අනුව අපගේ ජිවිතය පවත්වාගැනීම කිසිලෙසකින්වත් නොකළ යුත්තකි. ඔවුන් පවසන දේ අභියෝගයක් බවට පත් කොටගෙන එම අභියෝග ජයගැනීමට උත්සහ කිරීම මඟින් ඔබට සාර්ථක විය හැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 16 Feb 2021 Tue 11:12 AM