ප්‍රශ්න තොරතුරු

මට වයස 18.මට පෙබරවාරි 4 දින ඔසප් වීම සිදු උනා.මට දින 7දක්වා ඔසප් වීම සිදුවෙනවා.7 වන දිනයේදි තමයි හොදටම සුව වෙන්නෙ(පෙබරවාරි වල සුව උනේ 10/11 යන දින වල).මම මාර්තු 2 ගුද මාර්ගය හා ලිංගිකව එක් උනා.මට මාර්තු 4 ඔසප් වීම තවමත් (මාර්තු 7 දක්වා)සිදුවූයෙ නෑ.මෙය ඔසප් චක්‍රයේ යම් ගැටලුවක්ද?  ගුද මාර්ගය තුල හෝ යෝනිය ආශ්‍රිතව ශුක්‍රාණු පිටවීමක් සිදුවූයෙ නැත.නමුත් ශුක්‍රාණු පිටවීමට පෙර ලිංගිකව එක්වන විට පිටවන ලා සුදු පැහැති ස්‍රාවය (ශුකාණු නොව) එකවරක් ලිංගික ක්‍රියාවලිය අතරතුර යෝනියේ ස්පර්ශ විය.එසැනින්ම මා එය පිරිසිදු කලෙමි.මෙය මාගේ ඔසප් ප්‍රමාදයට හේතුවක් විය හැකිද.මා හට විශ්වාසයක් තිබෙනවා ලිංගිකව එක්වීමේදි ශුක්‍රාණු  ගෑනොවු බව.ශුක්‍රාණු පිටවීමට පෙර පිටවන ස්‍රාවයෙහි ශුක්‍රාණු අංශු අඩංගු විය හැකිද? මට බඩ රිදීම විටින් විට වෙනවා...වෙනත් කිසිදු ආබාධයක් නෑ මගේ ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව කුමක් විය හැකිද...මන් මේ හේතුවෙන් ගොඩක් මානසිකව වැටිලයි ඉන්නෙ.ඔසප් ප්‍රමාදය නිසා හිතට සැකයි

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ශුක්‍රාණු   පිටවීමට පෙර ශිෂ්ණය තුළින් පැමිණෙන තරලයේ ශුක්‍රාණු මිලියන ගණනක් අඩංගු වේ . ඒවා යෝනි මාර්ගයේ තැවරීමෙන් වුවද ශුක්‍රාණු ලක්ෂ ගණනක් යෝනි මාර්ගය තුළට ඇතුළු වීමට ඉඩ තිබේ . ඔබට ශුක්‍රාණු පියවි ඇසින් දැකගත නොහැක සාමාන්‍ය ඉතා කුඩා බිඳිතිත්ක ශුක්‍රාණු මිලියන ගණනක් තිබේ . 

තැ වරීමෙන් පසු ඔබට එය නිශ්චිතව පිසදා දැමිය නොහැක . ඔබ සරු දිනයක එකතුවීමක් වූවා නම්   ඒ හරහා වුවද ගැබ් ගැනීමට හැක. 

 නමුත් පෙනෙන ආකාරයට ඔබ එකතු වී ඇත්තේ සරු දිනයක නොවේ. එම නිසා බොහෝ විට මෙය සාමාන්‍යයෙන් සිදුවන ඔසප් ප්‍රමාද වීමක් විය හැක . ගැබ් ගැනීමක් සිදු වීමට ඇති හැකියාව ඉතා අඩු බව පෙනේ 

නමුත් සැක සැක හැර දැනගැනීමට අවශ්‍ය නම් තවත් දින තුනකින් පමණ පසු උදෑසන ලබාගත් මුත්‍රා සාම්පලයක් මුත්‍රා  HCG පටියක් යොදා පරීක්ෂාකර ගැබ් ගෙන ඇත්දැයි දැන ගන්න .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Mar 2021 Sun 5:24 PM