ප්‍රශ්න තොරතුරු

mama married .. lammai dennek innawa... .. magae husband gaenna mata harimma saekkai...own business karanane.. girls staff sammaga harimma komalae.. eatta aasa kennawa.. saren saera office gennannawa... lagammai innae. vihillu karannawa.. mata tharah yannaqa.. ithingaekka magae sakaya pammanada or eaya homammaa kennek da.. mama daqas gannata mae gaenna hith hitha duk wennawa

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ සැමියා පිළිබඳව ඇති වූ සැකයක් නිසා ඔබ දුකින් පසුවන බව පෙනෙනවා. ඔහු ඔහුගේ ව්‍යාපාර ස්ථානයේ සිටින ගැහැණු ළමුන් සමඟ විහිළු කරමින්, සිනහ වෙමින් කාලය ගත කරන බව ඔබ සඳහන් කර තිබෙනවා. එය මෑතක සිට ඇති වූ තත්ත්වයක්ද, නැතිනම් පෙර සිටම ඔහු මෙලෙස සමාජශීලි ලෙස කටයුතු කළ අයෙක්ද යන්න ඔබම සිතා බලන්න. ඇතැම් විට මෙය ඔහුගේ සාමාන්‍ය චරිත ස්වභාවය විය හැකියි. එවැනි අය ඕනෑ තරම් සිටියි. නමුත් ඉන් ඔබ්බට සමීප සම්බන්ධයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීම වැදගත් වේ. ඔහු මේ ආකාරයට ව්‍යාපාර ස්ථානයේ සිටින ගැහැණු ළමුන් සමඟ කුළුපඟව කටයුතු කරන බව ඔබ දැනගත්තේ කෙසේද? එය ඔබ දුටුවාද? නැතිනම් කිසිවෙකු ඔබ සමඟ පැවසුවාද? එය වෙනත් අයෙක් කියූ දෙයක් නම් ඒ පිළිබඳ ව සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම සුදුසු නොවේ.
ඔහු ඔබ හා දරුවන් සමඟ පවත්වන සම්බන්ධතාවය කෙබඳුද යන්න ඔබම සිතා බලන්න. ඔබට ඔහුගේ හැසිරීමේ කිසියම් වෙනසක් දැනෙන්නේ නම් මේ පිළිබඳව ඔහුත් සමඟ සාකච්ඡා කරන්න. කෙසේ වුවද සොයා බලා තහවුරු කරගැනීමකින් තොරව නිගමනයකට එළඹිය නොහැකිය.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Mar 2021 Thu 10:43 PM