ප්‍රශ්න තොරතුරු

doctor,lingikawa ekthu wenna thyna baya nisada dn na nithrama mge mansha peshi thada wela thynne lihil krimata uthsaha krth sansargayta sudanam wana sama witakadima mema thathwaya pawathinawa. husband awayawa sparsha kirimata patan gththa mohothe sita mema peshin thada weemak sidu wenawa.mema gataluwath mano upadeshanaya thulin wisanda gatha hakida doctor?.lingikawa ekweemata mta kawadawath bari wei kyna gataluwen mn godak peeda windinawa doctor.mewani gataluwak athi wee hoda kra ganimta nohaki awastha th thibenwda?.mta meya suwa krganimata bari weida?.doctor

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ලිංගික සංසර්ගයට ඇති අධික බිය හේතුවෙන් එලෙස මාංශපේශීන් තද වීමක් සිදු විය හැකියි. එය සිදුවන්නේ ඔබගේ මනස විසින් එම පණිවුඩය ශරීරයට ලබා දීම හරහාය. එවිට ශරීරයට එයට අනුව ක්‍රියාත්මක වීමට පටන් ගැනීම හරහා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. මනෝ උපදේශනය මඟින් මෙවැනි තත්ත්වයන් සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර ඒ සඳහා ඔබ දෙදෙනා මනා කැපවීමකින් උපදේශකවරයා විසින් ලබා දෙන මනෝ ප්‍රතිකාර සිදු කළ යුතුයි. එසේ කිරීම මඟින් මෙම තත්ත්වය පහව යාමක් සිදු වේ. මෙවැනි ගැටලු වලට මුහුණ දුන් කාන්තාවන් මනෝ ප්‍රතිකාර වලට යොමු වී සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන සිද්ධීන් බොහෝ ගණනක් වාර්තා වේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මෙවැනි ගැටලු වලින් පිඩාවට පත්ව සිටින්නන් සඳහා උපකාර කිරීමට විශේෂයෙන් පිහිටුවන ලද ආයතනයකි. එමනිසා ඔබ "ආලෝකය" උපදේශන මධ්‍යස්ථානය අමතා වැඩිදුර විස්තර ලබා ගෙන මනෝ උපදේශනය සඳහා යොමුවන්න. 0112 584 157 / 0112 584 162.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 Mar 2021 Tue 12:42 PM