ප්‍රශ්න තොරතුරු

doctor mage thaththa godak bonawa.rajaye rassawak kranne.loku padiyak gannawa.eth eya apita karadara krnawa.godak masa wala padi denneth na.apita idamak thiyenawa ammagei ,thaththagei dennagema namata eka thynne.amma naya wela salli hoyagena kohoma hari kamarekui,kussiyakui e idame hadagththa.dn thaththa eya haduwa wage ethanta awith bibi innawa.race danawa eya.ganna mulu padiyama iwarai.mallith lokui.dn o/l krnne.eth eyawa thama podi ekkenek kyla hithan inne eya.eya ammata rata godak karadara kranawa.ekata inna gyama eyawa godak apahasuthawayata path kranawa.mallith nida gnne eyala ekkamai.mth dn vivaha wela inne.ammata me peedawa daragnna bari nisa api eyagen ain wela wenama gekata awa.thamath cl kara kra ape e hadapu gedarata enna kiya kiya rata.wada denawa.wate pite inna minissu hithanawa ape amma wena manussayek ekka innawa athi kyla.aththtama ape ammata ehema amaruwak na.eyta thaththa godak wada denawa issara idanma ehema ekata inna kyla.dwasata 3,4 parak withara.nidaganna dennema na.mekata mokakda doctor karanna puluwan.mn vivaha wela wenama htyath mta thawama mge husband ekka ekata inna hakiyawak na.mn eyawa thallu krnawa lingikawa ekthu welama na thama.ekata mta loku bayak thynwa.e amma widapu kradara dakka nisada doctor?.poddak apita mekata wisandumak denna doctor?.

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ පියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔබත්, ඔබේ මවත්, සහෝදරයාත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පෙනෙනවා. ඔහුගේ මෙම ක්‍රියාකලාපය ඉවසිය යුත්තක් නොවේ. එය නීතියට අනුව ගෘහස්ථ හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඔබ සඳහන් කර ඇති තොරතුරු වලට අනුව ඔබේ පියා මවව ලිංගිකවත්, ආර්ථිකවත්, චිත්තවේගාත්මකවත් හිංසනයට ලක් කරන බව පැහැදිලියි. ඔබට මේ සඳහන් පහත ක්‍රියාමාර්ග ගත හැකිය.
ඔබේ මව, පියාගෙන් වෙන් වී ඇත්තේ පොලිස් පැමිණිල්ලක් නොදා නම් හැකි ඉක්මනින් පියාගෙන් සිදුවන හිංසනමය ක්‍රියා පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඔහුගෙන් වෙන් වීම වඩාත් සුදුසු වේ. එමෙන්ම මෙම හිංසන සම්බන්ධයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුවක් ගොනු කිරීමේ හැකියාවද ඔබේ මවට තිබේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පිඩාවට පත් තැනැත්තාට සෘජුවම පොලිසියට පැමිණිලි කළ හැකි අතර අධිකරණය ඉදිරියට පැමිණිය හැකිය. පිඩාවට පත් වූ තැනැත්තෙකු විසින් හෝ වෙනුවෙන් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වූ අවස්ථාවකදී මුලින්ම සිදු වන්නේ, පවතින පිඩාව සහ සිදුවන තර්ජන ආදිය නවත්වන අතුරු ආරක්ෂණ ආඥාවක් සැකකරුට එරෙහිව නිකුත් කිරීමයි. මෙවැනි ආරක්ෂණ ආඥාවක් මාස 12ක කාලයක් පමණ වලංගු වේ. ආරක්ෂණ ආඥා කඩකිරීම රු.10,000 නොඉක්මවූ දඩයක් හෝ වසරක සිර දඩුවමක් ලැබීමට හේතු වේ. මෙම අතුරු ආරක්ෂණ නියෝගය මගින් ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයාට එරෙහිව පහත සදහන් ආකාරයේ නියෝග පැනවිය හැකිය:-
1. නිවසට ඇතුළුවීම තහනම් කිරීම
2. පීඩාවට පත් තැනැත්තාගේ සේවා ස්ථානයට ඇතුළුවීම තහනම් කිරීම, පාසැලට ඇතුළුවීම තහනම් කිරීම
3. පීඩාවට පත් තැනැත්තා තාවකාලිකව නැවතී සිටින ස්ථානයකට ඇතුළුවීම වළැක්වීම, පීඩාවට පත් තැනැත්තා කිසියම් ස්ථානයක හවුලේ වාසය කරන්නේ නම් එවැනි ස්ථානයකට ඇතුලුවීම වැළැක්වීම,
4. පිඩාවට පත් තැනැත්තාගේ ළමයකු සමග සම්බන්ධතා පැවැත්වීම ළමයාගේ යහපත සදහා අවශ්‍ය බව අධිකරණය සෑහීමට පත්වන අවස්ථාවක සුදුසු කොන්දේසි අනුව පමණක් එම ළමයා සමග සම්බන්ධතා පැවැත්වීම, පීඩාවට පත් තැනැත්තාගේ සම්පත් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම,
5. පීඩාවට පත් තැනැත්තා සමග කවර හෝ ආකාරයක සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කිරීම වැළැක්වීම, පිඩාවට පත් තැනැත්තාට සහාය වන ඥාතියකු මිතුරකු සමාජ සේවකයකු වෛද්‍ය නිලධාරියකු හෝ වෙනත් එවැනි තැනැත්තෙකු වෙත ප්‍රචණ්ඩත්වය පෑම වැළැක්වීම
6. හිරිහැරයක් වන පරිදී පීඩාවට පත් තැනැත්තාගේ පසුපසින් ගමන් කිරීම තහනම් කිරීම
7. පීඩාවට පත් තැනැත්තා අසරණභාවයට පත්වන පරිදී විවාහක නිවස විකිණීම, පැවරීම, අන්සතු කිරීම හෝ එකී දේපල සම්බන්ධයෙන් පීඩාවට පත් තැනැත්තාට බරක් පැටවෙන පරිදී කටයුතු කිරීම
ඒ අතරතුර කාලයේදී අවශ්‍ය නම් දෙපාර්ශවය උපදේශන සේවා වෙත යොමු කිරීම සිදු කරයි. අවශ්‍යතාවය මත පිඩාවට පත් අයට හදිසි මුදල් ආධාර ලබා දීමට වග උත්තරකරුට නියම කිරීම සිදු කරයි. එමෙන්ම ඔබේ සොහොයුරාට වයස අවුරුදු 16 ක් වන නිසා ඔහු වෙනුවෙන් නඩත්තු නඩුවක් ගොනු කිරීමේ හැකියාවද ඔබේ මවට තිබේ.
ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට, මනෝ උපදේශන සහාය ලබාගැනීමට හා නීති සහාය ලබා ගැනීම සඳහා "කාන්තා පිහිට" ආයතනය ඇමතිය හැකිය. මෙම ආයතනය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සදහා 1987 සිට ක්‍රියාත්මක ආයතනයකි. එහි දුරකථන අංකයන් නම්, 011 267 1401 / 011 267 1411.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 25 Mar 2021 Thu 7:48 PM