< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

LRT sethkama pilibadawa wisthara denna.. eya sidu ganne keseda, kohenda,eya kala pasu athuru abada thibeda, eya kala pasu api kala nokala uthu de monada, rajaye rohal Wala hera eya Kara gatha heki then koheda, ese kaloth kotharam kalayak wiyadamak yaida. ikman pilithurak balaporoththu wemi...

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

LRT සැත්කමෙදි ඔබේ පැලෝපීය නාල 2 විසන්ධි කොට ගැටගැසීමක් සිඳු කරයි. 

එවිට ඩිම්බ ගර්භාෂයට ඇතුල් වීම වැලකෙන නිසා ගැබ්ගැනීමක් නොවේ. 

නමුත් ඉතාම කලාතුරකින් නැවත නාල 2ක සම්බන්ධ වීම නිසා ගැබ්ගැනීමක් වූ අවස්ථා තිබේ.

මෙය සිඳු කරන්නේ යටිබඩ ප්‍රදේශයේ අඟල් 2ක පමණ කුඩා කැපුමක් යොදාගෙන යි . සුලු සැත්කමක් වේ. සංකූලතා ඉතා අවමයි. 

දිනකට පමණ පසු රෝහලෙන් නික්ම යාහැක. ඕනෑම  පෞද්ගලික රෝහලක මේ සඳහා රුපියල් 65000කට ආසන්න මුදලක් වැයවිය හැක . 

රජයේ රෝහලක මෙය නොමිලේ කරගත හැක . විශේෂ ආරාක්ෂා වීමක් අවශ්‍ය නැත . නමුත් තුවාලය සුවවනතෙක් බර ඉසිලීම නොකළ යුතුය . ඉන්පසු සාමාන්‍ය ලෙස වැඩවල යෙදිය හැක . 

හෝමෝන තත්වයට බලපෑමක් ඇති නොවේ. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 Mar 2021 Sun 9:41 AM