ප්‍රශ්න තොරතුරු

doctor mage mahaththya math pen panaya karana kenek.eya ehema dawasata man inna ona eyage hema deyak ma ahagena eya kiyana karana dewal hema dema widaganna ona man monawa hari kiwwoth gahanawa baninawa.hemadama wage bonawa.eya nobi inna welawata man eyata godak hodin therum karala denawa bonna epa mehema dewal wei me gena hithanna kiyaala.eth wedak ne doctor man mekta mokada karanne matanm dn eya ekka idala epa wela thiyenne.dawasak mn eyata wesala pawa kiwwa doctor eth eya kanakatawath gan ne

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබේ සැමියා දිනපතා බිමත්ව පැමිණ ඔබට බැනවැදීම සහ පහරදීම නිසා ඔබ මානසික පිඩනයකින් පසුවන බව පෙනෙනවා. කාන්තාවක් වශයෙන් මෙය ඉවසිය යුතු තත්ත්වයක් නොවේ. ලංකාවේ නීතියට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත තුළ දැක්වෙන ආකාරයට තම නිවස තුළදී හෝ පිටතදී තමාට පෞද්ගලික ස්වභාවයේ සබදතාවයක් ඇති පාර්ශවයක් විසින් සිදු කරන මනුෂ්‍ය ශරීරය සම්බන්ධ වැරදි සහ ජීවිතය සම්බන්ධ වැරදි, බලෙන් ලබාගැනීමක්, සාපරාධි බිය ගැන්වීමක් හෝ එවැනි වරදට තැත් කිරීමක් උද්වේගශීලි බැනවැදීමක් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වේ. ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පීඩාවට පත් තැනැත්තෙකුට සෘජුවම පොලිසියට පැමිණිලි කළ හැකි අතර අධිකරණය ඉදිරියට පැමිණිය හැකිය. එම නිසා ඔබේ සැමියා දිගින් දිගටම බිමත්ව පැමිණ ඔබට පහර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබට ළඟම ඇති පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. ඉන්පසුව පැමිණිල්ල විභාග කිරීමේදී ඔබට අවශ්‍ය නම් සැමියාව පුනරුත්ථාපනයට යොමු කරන ලෙස ඉල්ලා සිටිය හැකිය. ඊට අමතරව ඔබ දෙදෙනාගේ කැමැත්ත පරිදි පවුල් උපදේශනයට යොමු කිරීමත් එහිදී සිදු වේ. නැතහොත් ඔබට අවශ්‍ය නම් මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුවක් කරා ගෙන යාමේ හැකියාවද පවතියි. ඔබට මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් කාන්තා පිහිට ආයතනය (Women In Need) ඇමතිය හැකිය. 011 267 1401 / 011 267 1411

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 Apr 2021 Fri 10:42 PM