ප්‍රශ්න තොරතුරු

Me de wela dan masa4k withara . Mata mahaththya gena dan sekai . Mata me de amathaka karanna ona. . Mata duwa lebila mm gedara giya . Thuwala wedanawath ekka mata mahaththya gena tika k hoyala balanna beri una . Eth eya mawa wa balanna awa giya . Eth eya awuruddu 4k mahaththya th ekka weda karana thena girl kenek ta msg karala msayak wage. Mata kisima wenasak kale na. Good morning mage manike ehema kiyala msg karala . E girl ape wedding eka ta awa. Eya api marry kale awurudu 5k yalu wela . Mahaththya mage wiswase kaduwa kiyana de hema wela ma mathak wenawa mata. Eyagen aii msg kale ahuwa ma nikan lu. E girl denne th e uththra ya. Mata danne aii ehema kale kiyala . Eya ta wena aya epalu. Dan kisima wenasae na. Eth mata me dewal hema welawema mathak wenawa . Aii ehema kale kiyala .

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මීට කාලයකට ඉහත දී ඔබේ සැමියා වෙනත් තරුණියකට යැවූ කෙටි පණිවිඩයක් නිසා ඔබට ඔහු පිළිබඳව ඇති වූ සැකය හේතුවෙන් ඔබ මේ වන විටත් පීඩාවෙන් පසුවන බව පෙනෙනවා. ඔබගේ සැමියා එම තරුණිය වෙත යැවූ කෙටි පණිවිඩයෙන් ඔබ්බට ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් නොමැති නම් ඒ පිළිබඳව සිතමින් දිගින් දිගටම ඔහුව සැක කිරීම ඔබගේ පවුල් ජීවිතය තුළ ගැටලු ඇති කරන්නට හේතු විය හැකිය. ඔබ පවසන පරිදි ඔහුගේ හැසිරීමේ කිසිදු වෙනසක් නොමැති නම් ඔබ කළ යුත්තේ මේ පිළිබඳව කනස්සල්ලට පත් නොවී ඔහුට වඩාත් සමීපව කටයුතු කිරීමයි. ඔබ ඔහුව සාධාරණ හේතුවෙක් නොමැතිව මේ ආකාරයට සැක කිරීමට යාමෙන් ඔබ දෙදෙනා අතර පවතින මානසික බැඳීම දුරස් වීමක් සිදු වේ. ඔබට ඔහු පිළිබඳව සැක ඇති වූ හේතුව පිළිබඳව සෙවීමට නොයා සැමියා සමඟ ශක්තිමත් සම්බන්දතාවයක් ඇති කරගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. එම නිසා ඔබ අතීතයේ නොනැවතී ඔබ පවුලේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Apr 2021 Wed 10:24 PM