ප්‍රශ්න තොරතුරු

මගේ වෘෂන කෝෂ මසක පමන සිට ජිල් බෝල දෙකක් තරමට කුඩා වී ඇති අතර ශිෂ්නය ප්‍රාණවත් නොවේ.පියයුරු යම් තරමක් විශාල වෙමින් පවතින අතර  මිරිකීමේදී දියරයක් වහනය වන අතර රැවුල වැවීම නැවතී ඇත

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මේ වනවිට ගැටළු කිහිපකින් පෙලෙන අතර, එම තොරතුරුවලට අනුව සියලු ලක්ෂණ ඔබ තුළ ඇති කිසියම් එක් රෝගී තත්වයක් හේතුකොටගෙන හටගත් මුලික ලක්ෂණ බව සැක කල හැක.

 
ඔබට පිළිතුරැ දීමට ඔබගේ වයස, රැකියාව ආදී තොරතුරුත්, මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගත් කාලය සහ රෝග ඉතිහාසය, ඔබ වෙනත් කිසියම් කායික රෝග වලින් පෙලෙන වාද යන්න, ඔබගේ ලිංගික අවයව ආශ්‍රිත හෝ වෙනත් ශල්‍යකර්ම වලට භාජනය වූ කෙනෙක්ද යන්න, ඔබ දීර්ගකාලීනව ඖෂධය ලබා ගන්නා කෙනෙක්ද යන්න, වැනි තවත් තොරතුරු කිහිපයක් අත්‍යවශ්‍ය වන නිසාත්, එවන් තොරතුරු ඔබ සතුව ඇත්නම් ඒවා පරික්ෂා කිරීම සිදු කල යුතු නිසාත්, ඔබව පරික්ෂාවකට ලක්කොට, රුධිර පරීක්ෂණ කිහිපයකට සහ scan සඳහා යොමු කල යුතු නිසාත්, වහාම ඔබට ලඟම ඇති රජයේ/පෞද්ගලික රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගෙන මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 27 Apr 2021 Tue 7:25 PM