ප්‍රශ්න තොරතුරු

mama masa 3 gabini mawak. vog doctor muna gasimen pasu mata susten 200 mg yana capsules eka insert karanna dunna. eya mul dina kihipaye athulu kirimata pahasu unath dina kihipayakata pera sita mata eya athul kirimata apahasui . yoni margaye wiwaraya athulatha gediyak wani yam deyak athata hasu wenawa. e nisa kuda wiwarayak pamanai thibenne. me deya biya wiya yuthu deyakda. samanyaida. mama kalin deparak gabsa una mawak nisa mata loku bayak danenawa . mata pilithurak laba denna.me mage palamuwana daruwa

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ තෙවන ගර්භණි අවස්ථාව නිසාත්, දෙවරක් ගබ්සා වීමට ලක්වූ නිසාත්, ඔබගේ වෛද්‍යවරයා ඔබ හට හෝමෝන අඩංගු මෙම ප්‍රතිකාරය ලබා දී ඇති අතර, එය වෛද්‍ය උපදෙස් අනුව දිගටම භාවිතා කල හැක.

ගැටලුව ඇත්තේ, මුල් දිනවල මෙන් නොව ආසන්න දින කිහිපය තුළ හට ගත් ඇතුළු කරගැනීමේ අපහසු තාවය වන අතර, ඔබට එහි ගෙඩියක් වැනි දෙයක් ස්පර්ශ වීම සහ යෝනි විවරය කුඩා වීමයි.

බියවීමට අවශ්‍ය නැත. ඔබ ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසීම සුදුසු වන අතර ඔහු හෝ ඇය එම ගෙඩිය පරික්ෂාවකට ලක්කරනු ඇත. අවශ්‍ය නම් ඔබට ඔබගේ වෛද්‍යවරයාගේ අනුමතය ලබාගෙන යෝනි මාර්ගය හරහා ඇතුළු කර ගන්නා බෙහෙත වෙනුවට, ගිලින හෝමෝන පෙති වලට මාරු වීය හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 Apr 2021 Wed 10:05 AM