ප්‍රශ්න තොරතුරු

docter mn dan masa 9witara kalin aiya kenekta mg kra eyata masa 3 wage wenasak natiwa mata mg kra et itapasse tika tika eya wes una wage mta theruna itapasse itin mat wadiya mg krnna giyet na et mn eyata athathrta adre kla enisada kohedo nitrama mata eyawa matk una  samaharawelawa eya nisa mn adalt tiyenwa e unata tika dawasak yddi eya mata mn eyatt mg kle na et itin api denna idala idala mg kra et yaluwek widiyata tami oya atre mt kollek hambauna eya godak hoda kenek e nisama mn eyata kamati una eya ekk kata kar kra iddi dawasak ara kalin primi lamaya mta cl ekk gatta itapasse mgen eya ahuwa ka ekkda oya kata krnnae kiyal mn itin eya gana wistra kiwwa ett  eya mg kra cl kra et sambandayk tibunne na et mn godak kamati eyata  et samaharawta mta danewa eya adre na boruwak krnne kiyala et mta eyawa mtk wenwa nitarama wage  ohoma iddi iye mn yaluwela inna aiya ekk kata kra kra iddi meyagen cl ekk awa eka eddima  shok ektamada mnda anser una itapasse comprs watuma itin eya hello kiwwa mta karnna deyakut tibbe na mn itin cut kra dan yaluwela inna aiya maget ekk aulen inne  e wagem tami ara aiyatt dan kellek innwalu mata danaganna oni docter mtt nitrama eyawa mtk wenne ai mn yaluwela iddit eka mta loku prshnayk docter

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ මාස 3කට ආසන්න කාලයක් කෙටි පණිවිඩ ඔස්සේ ඇසුරු කළ තරුණයෙකු එකවර ඔබ සමඟ කතා කිරීම නැවැත්වීමත්, මේ අතරතුර කාලයේදී ඔබ ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමත්, පෙර ඔබ ඇසුරු කළ තරුණයා නැවත ඔබ සමඟ කතා කිරීමත් හේතුවෙන් ඔබට ඔහු නිතර මතක් වන නිසා ඔබ ගැටලුකාරී තත්ත්වයක පසුවන බව පෙනේ. ඔබ සඳහන් කර ඇති කරුණු වලට අනුව එම තරුණයා සම්බන්ධයෙන් ඔබට ඇත්තේ ආදරයක් නොව ආකර්ෂණයක් බව පැහැදිලි වේ. එය ඇතැම් විට ඔහුගේ බාහිර ස්වරූපයට, ඔහුගේ පෞරුෂයට, කතා බහ කර ආකාරයට ඇති වූ ආකර්ෂණයක් විය හැකිය. ඔබ සැබැවින්ම ඔහුට ආදරය කොට ඇත්නම් ඔහු ඔබෙන් දුරස් වූ කාලයේදී, වෙනත් සම්බන්ධයක් ආරම්භ කිරීමට ඔබේ සිත යොමු නොවේ. දැන් නැවතත් ඔහු ඔබ සමඟ කතා කරන විට එම ආකර්ෂණය ඉස්මතු වීම නිසා ඔහුව මතක් වීම සිදු වේ. ඔබ සඳහන් කොට ඇති කරුණු වලට අනුව ඔබගේ පෙම්වතා යහපත් අයෙකු වන නිසාත්, එම තරුණයාට මේ වනවිට පෙම්වතියක් සිටිනා නිසාත් මෙවැනි ආකර්ෂණයක් පසුපස හඹා යාම දෙපාර්ශවයටම ගැටළු ඇති කිරීමට හේතු විය හැකිය. ඔහු නිතර මතකයට නැගීම නවත්වා ගැනීමට,
* සමාජ මාධ්‍ය වලින් හා දුරකථනයෙන් ඔහුව අවහිර කරන්න.
* ඔහුගේ පින්තූර නැරඹීමෙන් වළකින්න.
* ඔහු සමඟ සංවාදයේ යෙදුනු කෙටි පණිවිඩ ඇත්නම් ඒවා මකා දමන්න.
* ඔබගේ පෙම්වතා සමඟ ඇති බැඳීම ශක්තිමත් කරගැනීමට කටයුතු කරන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Apr 2021 Fri 8:21 PM