ප්‍රශ්න තොරතුරු

mama dan masekata withara kalin bende. mama kalin yaluwela hitapu kena mata digin digatama ayuthu yojana kala. e hinda mama eyagen ayn una.  e hamadema mage mahaththaya dannawa. eyata ewa prashnayak ne kiyalay mawa bende. eth mama kalin yaluwela hitau kena. mage vedio ekak hemotama pennanawalu. mage mahaththayata eka  ekkena call karala e gana kiyanawalu. eya dan math ekka randu wenawa. mata me dewal demaw piyanta kiyanna bee.  mata me hemadema athaarala merenna hithenawa. mama monawada karanna one kiyala mata therenne neee.  mama monawada karanna one kiyala puluwannam kiyanna plzzzzz

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබට ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් oba පත්ව ඇති තත්වය පිළිබඳව අප ට හොඳින් වැටහෙනවා. කෙසේවෙතත් ඔබ අපට ලියන්නට පෙළඹීම ගැන අප ඉතාමත් සතුටුයි.  එයින්ම පෙනෙන්නේ ඔබට මෙම ගැටලුවෙන් නිදහස් වීමට අවස්ථා බොහෝමයක් ඇති බවයි. ගැටලුවකට විසඳුම් බොහෝ ගණනක් ඇතිබව  yeheli කියවීමේදී ඔබට සොයාගත හැකියි    

ඔබ මෙතෙක් මුහුණ දීපු යම් යම් සිද්ධි   දිහා ආපහු හැරිලා බලනකොට , ඔයාට මොනවද හිතෙන්නේ??  සමහර දේවල් වලට ඔයා ගොඩක් කලබල වෙලා නේද ?? හරි අපි කතා කරමු . මේ අවස්ථාවට මූණ දෙන්නෙ කොහොමද කියලා. . 

ඔබගේ ගැටළුව ඔබ සඳහන් කර ඇත්තේ ඔබගේ ස්වාමිපුරුෂයා දන්නා, ඔබගේ විවාහයට පෙර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් . ඒකෙන් පෙනෙන්නේ ඔබගේ ස්වාමිපුරුෂයාව ඔබ, විශ්වාස කළ බව නේද ?  එහිදී සෑම තොරතුරක්ම අකුරක් ගානේ කියන්නට ඇතැම්විට මගහැරෙනවා . ඒ වගේම ඔබගේ කලින් සම්බන්ධතාවයේදී ඔහුගේ අයුතු යෝජනා නිසා ඔබ ඔහුගෙන් ඉවත් වූ බව ඔබගේ සම්පූර්ණ පවසා තිබෙනවා. ඔබගේ ස්වාමිපුරුෂයා ඔබව පිළිඅරගෙන තියෙනවා නේ.  ඉතිං පිටස්තර පුද්ගලයෙකුට ඔබ දෙදෙනාගේ සතුට නැති කිරීම සඳහා ඉඩ දිය යුතුද ?  මේ වගේ තත්ත්වයකදී අපේ විස්වාසය පවත්වා ගැනීම හරිම වැදගත් . අපි ඒ ගැන කතා කරමු .

ඔයාට වගේම ගොඩාක් අයට තමන් අහන්න අකමැති දකින්න අකමැති දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා .ඒ ඒ  දේවල් වලට  ඔයා සංවේදී වන තරමට , ඔයාට ගොඩක් දුක හිතෙනවා නේද ?.කාන්තාවකට විශේෂයෙන්ම සංවේදී වන පෞද්ගලික සම්බන්ධතා මේ නිසා ගොඩක් කටුක වෙන අවස්ථාවල් තියෙනවා . ඒක විරුද්ධ පාර්ශවය භාරගන්නෙ කොහොමද කියලා කාන්තාවන්ට හිතාගන්නවත් බැහැ.  ඉතින් ඔයා එකෙන් ඉවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනකොට ගැටලුවකට ගොඩාක් විසඳුම් තියෙන බව අපිට පේන්නේ නැතුව යනවා .  ඒ කියන්නෙ ඔයා ඒ ප්‍රශ්නය ඇතුලෙම විඳවමින් ඉන්නවා කියන එක.

ඔයාගේ මහත්මයා ඔබ ගැන විශ්වාසය තබා ඇති නිසා oba ඔබගේ අතීත සම්බන්ධතා නොවළහා ඔහු හා සාකච්ඡා කරල තියෙනවා ඒ වගේම ඔයාලා හොඳ විවාහයක් මේ සිද්ධිය වෙනකන් ගත කරලා තියෙනවා කියලා තමයි ඔයාගේ ගැටලුවෙන් අපිට වැටහෙන්නේ ..එහෙනම් අපි අවධානය යොමු කළ යුත්තේ පිටස්තර පුද්ගලයෙක් ඔයාලගේ විවාහ ජීවිතයට බලපෑම් කරන්න හදන්නේ ඇයි කියලා නේ ?  එයාගේ බලාපොරොත්තුව ඔයාලගේ පවුල් ජීවිතය විනාශකිරීම වෙන්න බැරිද ?  එහෙමනම් ඔහුගේ බලාපොරොත්තුව සම්පූර්ණ කිරීම ඔබ දෙදෙනාගේ අරමුණද ? නැහැ නේද ?   ඒක පැහැදිලි කරගන්න . ඔබ දෙදෙනාම මේ ගැන සාකච්ඡා කරන්නට අවස්ථාවක් යොදාගන්න .   ඔබට තර්ජනය කරන පුද්ගලයා බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රතිචාරයක් ඔබගේ ස්වාමි පුරුෂයා ගෙන් ඔහුට ලැබුණොත් ?? ඔබ හිතන්නේ කුමක් සිදු වෙයි කියලද ?   මේ ගැන කල්පනා කරලා බලන්න. 

කාන්තාවක් සම්බන්ධයෙන් පිරිමියෙක් පිරිමියෙකුට  ප්‍රතිචාර  දක්වන ආකාරය,  කාන්තාවක්ගේ ගෞරවයට බොහෝ බලපෑම් සිදු කරනවා.  ඔබගේ ස්වාමි පුරුෂයා , ඔහුගේ යහපත් පෞරුෂ ගුණාංගය ඉස්මතු කරමින්  පියවරක් ගන්නේ නම් , තම යහපත් ගුණාංගය ද,  ඔබගේ ගෞරවයද මෙන්ම අන් කාන්තාවන්ගේ ගෞරවයට ආරක්ෂා වේවි. ඉන් ඔබට  පමණක් නොව අන් කතුන්ටද යහපතක් වනු ඇති.

 ඒ වගේම ඔබට තනිකමක් ,පාළුවක් , දැනෙන්න ජීවිතේ ගැන කලකිරීමක් ඇති වන අවස්ථාවකදී පැය 24ම සේවාවක් සපයන  CCC Line 1333  දුරකථනයට අමතා ඔබගේ සිත නිදහස් කරගන්න.  තවදුරටත් ඔබට  ඕනෑම වෙලාවක අපට ලියන්න.  

මෙවැනි දේවල් අද වන විට බොහෝ සිදු වෙනවා. එහි ඇතැම් ඒවා අව්‍යාජව සකස් කළ දේවල්  .ඒවායෙහි  අපි ්‍රියාකරන ආකාරය නිසා ඒවගේ  තර්ජන කරන අයට තව තවත් අවස්ථාවක් හම්බ වෙනවා.  මේ වගේ දේවල් වලක්වාගන්නට දැනුම් දිය හැකි ආයතන කීපයක් අපි සඳහන් කරන්නම්.  

CIRT-  0112691692 / 0112679888

Cyber Crime - 0112326979

හමුවීමට  අවශ්‍යනම් දුරකථන අංකය ; 0773322849  ්‍රී ලංකා වෘතීය මනෝ උපදේශකයන් ගෙ සංගමය අමතන්න.

 පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 07 Dec 2018 Fri 8:37 AM