ප්‍රශ්න තොරතුරු

    මගේ හස්බන් නිතරම ගෙදර නැ එයාව නවත්ත ගන්න මම මොනාද කරන්න ඔනේ ,එයාට වැඩ වැඩියි.එයාට මං කොහොමද මෙ ගැන පැහැදිලිව කියල දෙන්නෙ?

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ස්වාමිපුරුෂයා ඔබ අසල නිතරම නො සිටින බැවින් ඔබ දුකෙන් ඉන්න බවයි පෙනෙන්නේ . ඔබ ඉන් අදහස් කරන්නේ කුමක්ද ?  එසේ  සැමියා ඔබ අසල නිතරම සිටින්නේ නම්  එහිදී ඔබට දැනෙන වෙනස කුමක්ද? ඔබ බලාපොරොත්තු වන වෙනස ලබාගැනීම සඳහා  කරන්නට සිතෙන්නේ මොනවාද කියලා හිතලා බලන්න. 

ඔබගේ ගැටලුව තුළ ඔබගේ ස්වාමිපුරුෂයා නිතරම වැඩකරන එක ගැන ඔබ වැඩි කැමැත්තක් නැති බව පෙනෙනවා.ඒ ඔහුගේ රැකියාව සම්බන්ධයෙන් නම්,ඔබ ඔහුගේ රැකියා ස්වරූපය ගැන දැනුවත්ද කියන එක ගැන අවධානය යොමු කරන්න.   එහිදී කලින් තීරණය කළහැකි සේවා කාලයක් තිබෙන්නේ ද , යන ප්‍රශ්න කෙරෙහි පිළිතුරු ලබාගැනීමට අප ඔබට යෝජනා කරනවා. 

 මෙහිදී , එදිනෙදා ඔබ පවුලට අවශ්‍ය වන කෑම ,බීම, ඇඳුම්, පැළඳුම්, බෙහෙත්හේත් ඇතුළු අනෙකුත් වියදම් ආදී කටයුතු සිදුවන ආකාරය ගැන හොදින් හිතන්න. එහිදී කිසියම් හෝ  ගැටලුවක්  නොවන්නේදැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න. එමෙන්ම  ඔබ දෙදෙනාගේ ආදරණීය බැඳීම වෙනුවෙන් ඔහුට වෙන් කළ හැකි කාලය සාකච්ඡාකොට  තීරණය කර ගැනීම වඩාත් සුදුසු බව අප යෝජනා කරනවා.  

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 Dec 2018 Wed 12:56 PM