ප්‍රශ්න තොරතුරු

ජීවිතෙදි කරන කිසිම දේකදි සෑහිමකට පත් වෙන්න අමාරුය් මට....ඒකට මොකද කරන්න ඕන...?

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 ඔබ මෙතෙක් ජීවිතේදි ලැබූ කිසි දෙයක් සම්බන්ධව සෑහීමකට පත් නොවන බව ඔබ අවබෝධ කරගෙන තියෙනවා . ඒක ගොඩක් හොඳ සිතිවිල්ලක් . එහෙනම්   මේ වන තෙක්  ඔබ  ලබාගත් දේවල් මොනවාද  ? අවම වශයෙන් ආබාධයක් නැතිව මෙවැනි සේවාවක ඔබට තිබෙන ගැටලුව ලියන්නට ඔබට හැකියාව තියෙනවා. එය කෙතරම් භාග්‍යයක් ද? ඒවා ලබාගැනීම නිසා  ඔබට දැනුණේ කුමක්දැයි මොහොතක් සිතන්න . ඔබ තවදුරටත් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?  අතීතයේදී ඔබ ලබාගත්  දේවල් වලට වඩා ඒවා වෙනස් වන්නේ කවර ආකාරයෙන්දැයි සංසන්දනය කිරීමට ඔබට කළ හැකිය. 
මොහොතක් සිතන්න, 
 ඔබ  අපේක්ෂා කළ දේවල් ලැබූ මොහොතේ දී තිබූ සතුට ක්‍රමානුකූලව සිඳීගොස් නැවතත් අසම්පූර්ණ බවක් දැනුණා නොවේද? 

එහෙත් ඇතැම් ලබාගත් දේවල් වලින් ඔබ ම් ප්‍රමාණයකට හෝ සෑහීමකට පත් වී තිබෙන්නට පුළුවන.  එහෙත් කාලයත් සමග අපගේ අවශ්‍යතා වෙනස් වෙන බැවින්, නැවත නැවතත් අපිට ඒවා පූර්ණය කරගැනීමට සිතෙනවා. මෙහිදී  ඔබ ජීවිතයෙන් බලාපොරොත්තුවන දේවල් මොනවාද, හා ඒවායේ පරිමාණයන් මොනවාද කියා  හොඳින් සිතා බලන්නට මා ඔබට යෝජනා කරන්නේමි

එහිදී ඔබ දැනට සිටින තත්ත්වයත්, ඉෂ්ට කරගැනීමට බලාපොරොත්තු වන තත්ත්වයත්  අතර ලොකු පරතරයක් තිබෙන්නේ නම් , ඔබ පීඩාවට පත් වන වාර ගණන වැඩි වන්නට හැකිය .  කුඩා  කාලයකදී ඉෂ්ට කරගැනීමට අරමුණු එකක් හෝ දෙකක් පමණක් තබා ගන්නේ නම්  ඔබව පීඩාවට පත් වන මට්ටමඑහිදී අඩු වීමට බොහෝ දුරට අවස්ථාවක් ලැබෙනු ඇති . ඒ වගේම ඒවා ලබා ගැනීමේදී හා ලබාගත් පසුව ඔබට ඇතිවන  සිතිවිලි, හැඟීම් වල වෙනස්වීම් අවබෝධ කරගැනීමට උනන්දු වන්නට අප ඔබට යෝජනා කරනවා.  ලබාගත් පසුව නැවතත් ඒ ගැන සතුටු නොවන බව ඔබට එහිදී අවබෝධ කර ගැනීමට හැකි වේවි. එමෙන්ම යථාවබෝධය ලබපු අයෙකු හැර අන් සියල්ලෝම ඔවුන්ගේ මට්ටමින් යම් යම් දේ නිතර අපේක්ෂා කරන බව හා  ලබන්නට බලාපොරොත්තුවන මට්ටම අනුව ඔවුන්  සතුටු හෝ අසතුටු වන බව ඔබට එවිට වැටහෙනු ඇති.

  මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 Dec 2018 Thu 1:32 PM

අදහස්