ප්‍රශ්න තොරතුරු

doctor mage gf mensus hedune 18wenida mensus hoda une 23 wenida api lingikawa ekatu una 22/23, condom eka godak wedanawak eyata kiyla api eka iwath karala sex kara,23 ude 11ta witra prostinor palamu petta gatta, eyage me mase mensus dine 17, eth tawama ehema une ne ,geb genimak viya hekida ? api den bayen inne

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පවසන ආකාරයට,ඔබගේ පෙම්වතිය ක්‍රමානුකුලව මාසික ඔසප් චක්‍රයක් ඇති කෙනෙක් බව හැඟේ. ඔබ දෙනෙනා ලිංගික සංසර්ගයේ යෙදී තිබෙන්නේ ඔසප් ආරම්බයේ සිට 5 වන දිනය වන අතර, එම කාලය සරු කාලය නොවන නිසා ගැබ් ගැනීම සම්බන්ධව බිය වියයුතු නැත. එසේම ලිංගිකව එක්වූ පසු ඇය ඉක්මනින්ම postinor පළමු පෙත්ත ලබාගෙන ඇති අතර, ඔබ දෙදෙනා හදිසි උපත් පාලනය සඳහා අවශ්‍ය පියවරද ගෙන ඇත. එම නිසා ගැබ් ගැනීමේ හැකියාව ඉතා අවමය. ගැටලුව ඇත්තේ මෙවර ඔසප් වීමේ ප්‍රමාදය වන අතර, එයට පිළිතුර මෙසේ ලබා දෙමි. Postinor ලබාගත් කාන්තාවකට විවිධ අතුරු අබාද ඇතිවිය හැක. ප්‍රධාන ලෙසම, ඊළඟ ඔසප් දිනය ඉක්මන් වීම හෝ ප්‍රමාද වීම සිදු වන අතර, ඔබ දෙදෙනා කලබල විය යුතු නැත. තව ටික දිනකින් ඇයට ඊළඟ ඔසප්වීම සිදු වනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 17 May 2021 Mon 8:24 PM