< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මා විවාහ වුවත් මාගේ පරණ පෙම්වතාව මට අමතක කිරීමට තරමක් අපහසුයි. මෙයට විසදුමක් තිබේද?

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ දැන් විවාහක බව සඳහන් කර තිබෙනවා. එහෙත් ඔබට පැරණි පෙම්වතා සිහිපත් වන බවයි ඔබ සඳහන් කර තිබෙන්නේ. ඔබට පැරණි පෙම්වතා සිහිපත් වන්නේ කුමන අවස්ථාවලදීද ? ඔබ ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් සිතන්නේ කුමක්ද? ඔබේ පැරණි පෙම්වතා ඔබට සිහිපත් වන වෙලාව හා ඔබගේ විවාහය අතර සම්බන්ධතාවය කුමක්ද ? යන ගැටලු වලට ඔබගේ හදවතට එකඟව පිළිතුරු ලබා ගන්නට  යැයි අප ඔබට යෝජනා කරනවා. 

 යම් පුද්ගලයෙකුට ආදරය දැනෙන ආකාරය  විවිධාකාරය .මෙහිදී , තමාට දැනෙන හැඟීම් හා අපේක්ෂාවන් අතර සම්බන්ධතාවයක් පවතින බව  සිතනවා. විවාහයකදී නීත්‍යානුකූල බැඳීමක් ඇතිවන අතර , ඇතැම් අවස්ථාවලදී විවාහය හා  ආදරය අතර පරස්පර විරෝධී අදහස් තිබිය හැකිය. මේ සම්බන්ධව සිතා බලා ඔබගේ ගැටලුවට පිළිතුරු සොයාගැනීමට හැකි වනු ඇතැයි අප සිතමු. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

Sri Lanka Professional Psy: Counselor's Association,

Sri Lanka Foundation, No 100, Nidahas Mawatha, 

Colombo 7. Tel 0773322849 / 0773322348

ප්‍රශ්න අසනු ලබයි 19 Dec 2018 Wed 6:56 PM