ප්‍රශ්න තොරතුරු

mata mage adare oni. eth ekata gedarin kemathi ne. gedarin genapu prapos ekat eyala kemathi. eth eyage ehem adarayak ne. api athare aurudu 7parathryak thiyanawa. mn e thirane gathe තාත්තා nisa. eyata dukak dann beri nisa. eya mn yalu wela hitapu aiyt kemathi ne. eth mata oni adare tjiyenne aiya laga. man mokada karanne. mata mge hitha hadagnn be aiya nethuwa. api godak adaren hitiye. amathk karann be.

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ ගැටළුව මට වැටහෙනවා.ඔබගේ ආදරවන්තයාට බ බොහෝ ප්‍රියකරන බව පෙනෙනවා. එහෙත් ඔබගේ ආදර සම්බන්ධතාවය විවාහයක් දක්වා දීර්ඝ කිරීමට ඔබගේ දෙමව්පියන් අකමැත්තක් පළකර තිබෙනවා. ඒ කිනම් හේතුවක් නිසාද ?   එසේ ඔබ දන්නා හේතුවක් නම් එය ඔවුන්ට  අනුව සාධාරණද ?  ඔබට අනුව සාධාරණද ? අසාධාරණද ?  යන ප්‍රශ්නවලට  පිළිතුරු සොයාගන්න. 

තවදුරටත් අවශ්‍ය වන්නේ නම් ඔබගේ දෙමව්පියන් ඔබ සඳහා යෝජනා කර ඇති පුද්ගලයා හා ඔබගේ ආදරවන්තයා
සැසඳීමේදී , ඔහු වෙනස් වන්නේ කෙසේද ? එහිදී දෙමව්පියන්ගේ ආදරය , ්‍රේමවන්තයාගේ ආදරය හා විවාහක සහකරු ගේ ආදරය අතර වෙනස කුමක්දැයි විමසා බලන්නට අපි ඔබට යෝජනා කරනවා. 

ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඔබ සතු කටයුත්තකි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයින්ගේ සංගමය 
ශ්‍රී  ලංකා පදනම , No 100, නිදහස් මාවත, කොළඹ 7.

Tel: 0773322849 / 0773322348

ප්‍රශ්න අසනු ලබයි 19 Dec 2018 Wed 8:04 PM

අදහස්