ප්‍රශ්න තොරතුරු

වෛද්‍ය තුමනි මා අවුරුදු 21 විවාහක තරුනියකි මා හට තවම බාබාලා නැත බබෙක් හදන්න බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටිමි මාගේ ඔසප් චක්‍රයද ක්‍රමවත්ව තිබුනි නමුත් විවාහයෙන් පසු මා හට සතියම් ප්‍රමාද වුනි අනිත් මාසයේ සති දෙකක් ප්‍රමාද උනි එසේ වෙන්නෙ ඇයි?? මා හට දරුවකුගේ සිහිනය සපල කර ගැනීමට නොහැකි වේවිද යන දුකින් මා මනසිකවත් ඉතාම බිදවැඩී ඇත මා හට පිහිටවනු මැනවි වෛද්‍ය තුමනි

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කලබල නොවන්න, දරු පළ ලබා ගැනීමට නම් ඔබ දෙදෙනා ප්‍රථමව හොඳ මානසික සුවතාවකින් සිටිය යුතුය. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම නිසා සරු කාලය නිර්ණය කිරීම ගැටළු සහගත විය හැක. කාන්තාවකගේ ඔසප්චක්‍රය වෙනස් වීම සඳහා විවිධ හේතු බලපාන අතර විවාහය, හෝර්මෝන වල සිදුවන වෙනස්කම් සහ කායික රෝග , උපත් පාලන ක්‍රමය, ඇතුළු නොයෙකුත් හේතු මේ සඳහා හේතු විය හැක එවන් ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඔබ ප්‍රසව සහ නාරි වේදය පිළිබඳ වෛද්‍ය වරයෙකු මුණ ගැසීම සුදුසු වන අතර, scan පරීක්ෂණ ඇතුළු වෙනත් අවශ්‍ය රසායනික පරීක්ෂණ මගින් ඔබට ගැටළු සහගත දේවල් ඇත්නම් හඳුනාගෙන, අවශ්‍යනම් ප්‍රතිකාර නිර්ණය කරනු ඇත.එමගින් ඔබ දෙදෙනාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ලඟා කරගැනීමට හැකි වනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 May 2021 Wed 5:11 PM