< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මට මගෙ bf එක්ක හැම වෙලේම තරහ යන්වා..හැබැය් මට වෙන අය එක්ක තරහ යන්නෙ නෑ....මටඒකට හේතුව හිතාගන්න බෑ.. මං එයාට ආදරෙය්.අපි අතර වෙන ප්‍රශ්නත් නෑ.... මට මේකට කරන්න දෙයක් කියන්නකෝ

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයාට නිතරම තරහ යන බව හා ඒකවුරුන් සමගද  යන ඔබ වටහාගෙන තිබීම හරිම වැදගත්. 

එහිදී ඔබට ඇති ගැටළුව විසඳා ගැනීමට අවශ්‍ය මූලික පියවර ඔබ ගෙන තිබෙනවා. මෙහිදී ඔබට ඔබගේ boyfriend සමග තරහ ඇතිවන අවස්ථාවන්  ඔබ හඳුනාගෙන තිබේද ?  එසේ හඳුනාගෙන  තිබේනම් එය අවම කර ගැනීම සඳහා ඔබ මෙතෙක් කිනම් පියවරක්  ගෙන තිබේදැයි ඔබ ඔබගෙන්ම විමසා බලන්න. එසේ කිසියම් හෝ පියවරක් ඔබ මෙතෙක් ගෙන නොමැති නම්,  ඔබ කල යුත්තේ කුමක්ද ? 

ඔබ ඔබගේ boyfriend සමග තරහ ගැනීම නිසා ඇතිවන  අසතුටු දායක තත්වය හා එමගින් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට ඇතිවන බලපෑම කෙසේද ?

 ඔබට තරහ යන අවස්ථාවේදී ඔබට කුමක් කළ හැකිද ? හෝ ක්ෂණිකව තරහා පිට  කිරීමෙන් වැළකී එය පමා  කර ගැනීමට යම් ක්‍රියාවක් කළ හැකිදැයි ,  විමසා බලන්න . 

එසේම කිනම් හෝ පියවරක් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්නම්  එහි ඇති අඩුපාඩු හා වෙනස් කිරීමට කුමක් කළ යුතු දැයි සලකා බලන ලෙස අප ඔබට යෝජනා කරමු. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

 තවදුරටත් පුද්ගලිකව  හමුවීමට අවශ්‍ය නම් , SL Prof: Psy Counselors Association, Sri Lanka Foundation, No 100, Nidahas Mawatha, Col 7. Tel 0773322849 / 0773322348 අමතන්න. 

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.


ප්‍රශ්න අසනු ලබයි 27 Dec 2018 Thu 3:53 PM