< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මම හැමතිස්සෙම දුකින් ඉන්නේ. මම අනික් අය ස්සරහ සතුටින් ඉන්නවා වගේ උනාට හිත යටින් හරිම දුකින් ඉන්නේ. මට හැම දෙයක්ම එපා වෙලා. මට මේ හැමදේම දාලා වෙන රටකට යන්නත් හිතෙනවා. මට ඒක කරන්න සල්ලිත් නෑ.

         

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔයා ඔයාගේ හිත යට පසුතැවීමක් තියාගෙන දුක් වෙන බවයි අපට පෙනෙන්නේ .
ඇයි ඔයාට ජීවිතේ එපාවෙලා තියෙන්නේ ? රට යන එක හොඳයි කියලා  ඔයා හිතන්නේ ඇයි ? 
හිත යට තියෙන දුක  සඟවාගෙන හිනා වෙලා ඉන්න මොකක් හරි හේතුවක් තියනවද ? කියන ප්‍රශ්න වලට ඔයා පිළිතුරු ලබාගන්නට වෙනවා.  එහිදී ඔබට ලැබෙන පිළිතුරු කුමක්දැයි විමසා බලන්න . තවදුරටත් ඒ සඳහා යම් මගපෙන්වීමක් කරන්නේ නම්, ඔබගේ හිත ඇතුලේ තබාගෙන සිටින දුක  පිටතට නොපෙන්වා සිටීමට ගන්නා උත්සාහය ඔබට යම් තරමක පීඩාවක් ගෙන දී ඇති බව අපගේ නිගමනයයි . එසේ කිරීමට යම් හේතුවක් තිබෙනවාද?

ඒ වගේම ඔබ සඳහන් කර ඇත්තේ ඔබ පිට රටකට යාමට අදහස් කළත් මුදල් අඩුපාඩු නිසා එසේ කළ නොහැකි බවයි.යම් ආකාරයකින් ඔබට මුදල් තිබුණේ නම් පිටරටකට ගියපසු ඔබට ඇති මේ ගැටලුවෙන් නිදහස් වන්නේ කෙසේද?

හිත  තුළ ඇති පීඩාවක් නිදහස් කරගත් පසු බොහෝ සැහැල්ලුවක් ඇතිවන බව අප විශ්වාස කරන්නෙමු .එහිදී ඔබට ගත හැකි පියවර කීපයකි. ඔබගේ හිතේ තිබෙන දුක ඔබට ඉතාමත් සමීප විශ්වාසදායක මිතුරෙකු හෝ ඥාතියෙකු සමග බෙදාගත හැකිය. මෙහිදී එම පුද්ගලයා ඔබට බොහෝ විශ්වාස වීම  අතිශයින්ම වැදගත් බව සඳහන් කරමු . එසේ නැතහොත් ,හෝ ඔබ ඉන් සැනසීමට පත් නොවූයේ නම්,  පිළිගත් මනෝ උපදේශන  සේවාවක් සඳහා යොමුවිය හැකිය . එහිදී  පෞද්ගලිකව ඔබට ඇති ගැටළුව සඳහන් කළ හැකි අතර , රහස්‍ය බව පූර්ණව ආරක්ෂා වේ.  ඒ සඳහා මතු සඳහන් දුරකථන අංකවලට කතාකොට විස්තර ලබාගත හැකිය. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

SL Professional Psy; Counsellors Association,

Sri Lanka Foundation, No 100,  Nidahas Mawatha, Colombo 7.

Tel 0773322348 / 0773322849



ප්‍රශ්න අසනු ලබයි 28 Dec 2018 Fri 11:59 AM