ප්‍රශ්න තොරතුරු

mithuri pethi labaganne keseda? lingikawa ekwimata perada eya bavitha karanne keseda?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මිතුරි කාඩ්පත් ඒ පෙති විසි අටක් තිබේ එක පෙත්තක් බැගින් දිනපතාම ලබාගත යුතුය එය  නො වරදවාම ලබා ගත යුතු අතර ඔබට එය වැරදුනහොත් අනුගමනය කළයුතු උපදෙස් පත්‍රිකාවක් එහි තිබේ. 

එහි හෝමෝන පෙති 21 ක් හා යකඩ පෙති 7 ක් ලෙස පෙති 28 ක් තිබේ. ඔබ ආරම්භ කල යුත්තේ ඔසප් ආරම්භ වන දිනයේ හෝමෝන පෙති වලිනි. ඒවා ඊතල මගින් කාඩ්පතේ දක්වා ඇත . ඊතල වලින් පෙනෙන පරිදි එම පෙති ලබා ගත යුතුය 

සෑම දිනම පෙති ලබා ගැනීමෙන් පමණක් උපත් පාලනය සිදු වේ ඔබ පෙති ලබා ගැනීම නිසි ආකාරයෙන් සිදු නොකළහොත්  ප්‍රයෝජනයක් නොවේ . එක් කාඩ්පතක් ඉවර වන විටම අනෙක් කාඩ්පත පටන්ගතයුතුය. ඔසප් වූවත් පෙති නැවැත්වීමට නොහැක . ඔබ ඔසප් ආරම්භ  වූ දිනයේ එම පෙති ලබා ගැනීම ආරම්භ කරනවා නම් දින පහකට පමණ පසු සිට සම්පූර්ණ  ආරක්ෂාව ලැබේ . ඉන්පසු ගැබ්ගැනීමක් සිදු වන්නේ නැත . 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 Jun 2021 Thu 12:21 PM